මාලිමා ඇමතිවරයකුටත් ඩයනාගේ පාරේ යන්න වෙයිද ? – අභියාචනාධිකරණයට පෙත්සමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ අභිනව නිවහල් පෙරමුණේ නායක ඕෂල හේරත් මහතා විසිනි.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ උපාලි පන්නිලගේ මහතා පසුගිය මහමැතිවරණයෙන් අනතුරුව ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කර ඇති අතර එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කෙරෙන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී ඇති බවයි.

රජයේ සේවයේ නිරත වී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැණි බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට නුසුදුසුකමක් බවත් පෙන්වා දී ඇති පෙත්සම්කරු ඒ අනුව උපාලි පන්නිලගේ මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කරමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.

පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කෙරුණු නඩුව ගොනුකර තිබුණේ ද මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති ඕෂල හේරත් මහතා විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණයේ වෙනසක් – පළාත් කිහිපයකට වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 23) සවස් කාලයේ සිට...

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...