ඊශ්‍රායලය යේමනයට එරෙහිව මාරාන්තික ගුවන් ප්‍රහාර දියත් කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායමක් වන යේමනයේ හූති සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ නවතම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු අද(19) අලුයම ඊශ්‍රායල ජෙට් යානා යේමනයේ හූති ඉලක්ක වෙත මාරාන්තික ගුවන් ප්‍රහාර දියත් කර ඇත.

ප්‍රහාර හේතුවෙන් හොඩෙයිඩා වරාය නගරයේ දී අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පසුගිය සතිවල ඊශ්‍රායලයට එරෙහිව හූති ප්‍රහාරවල වැඩිවීමක් දක්නට ලැබුණු අතර ඊට එරෙහිව ඊශ්‍රායලය විසින් යේමනයේ සනාහි වරායන් සහ බලශක්ති යටිතල පහසුකම් ඇතුළුව හූති හමුදා ඉලක්ක වෙත මෙලෙස දැඩි ප්‍රහාර එල්ල කර තිබේ.

මේ සමබන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, “යමෙක් ඊශ්‍රායෙල් රාජ්‍යයට එරෙහිව අත ඔසවන්නේ නම් – ඔහුගේ අත කපා දමනු ලැබේ, කවුරුන් අපට හානි කරයිද හත් ගුණයකින් හානි කරනු ලැබේ.” යනුවෙනි.

ඊශ්‍රායලයට එරෙහිව පලස්තීන සටන්කාමී කන්ඩායමේ ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් වෙත යුද්ධය දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලය සහ හවුතිවරුන් අතර ආතතීන් මාස ගණනාවක් තිස්සේ උත්සන්න වී ඇති අතර ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන්ට සහයෝගිතාව ලෙස හවුති හමුදා වසරකට පෙර ඊශ්‍රායලයට දිගු දුර මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර හූති මාධ්‍ය නාලිකාවක් වන අල්-මසිරා ප්‍රකාශ කර තිබුණේ, යේමනයේ සානා සහ හොඩෙයිඩා අගනුවර ආක්‍රමණශීලී වැටලීම් මාලාවක් දියත් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු චීන මුහුදේ Devon Bay භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පෙරළී යයි!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු චීන...

ශ්‍රී ලංකාවේ තේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW : 2025 වසරේ ශ්‍රී...

දේශපාලන අරමුණු ඉටුකරගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය තෝතැන්නක් කරගන්න එපා – වර්ජනයේ නිරත GMOA වෛද්‍යවරුන්ට නි. ඇමති කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වැඩවර්ජනයේ නිරත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම් ඉතා...

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේදී!

කොළඹ LNW:ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ...