ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන ලබාදී ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින් බව වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“වගා හානි විතරක් නෙවෙයි ජීවිත හානි, දේපළ හානි, ගෙවල් සුද්ද කරගන්න, ගෙවල්වල නැතිවෙච්ච බඩු ටික වළං පිඟන් ටික ගන්නත් සල්ලි දීලා තියෙනවා. විපක්ෂයට සමහරවිට හම්බවෙලා නැතිව ඇති. ඒ නිසා ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ ලබාදුන්නු වැඩිම සහන ලබාදුන්නේ මේ ආණ්ඩුව”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ කලා ඔය ජල පහරට මැදි වූ බස් රථයේ මගීන් පිරිස බේරා ගන්නා අවස්ථාවේ ඔවුන් රැඳී සිටි ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (18) දිනයේදී එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...