ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන ලබාදී ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින් බව වෙළඳ, වාණිජ, සමූපකාර සංවර්ධන හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“වගා හානි විතරක් නෙවෙයි ජීවිත හානි, දේපළ හානි, ගෙවල් සුද්ද කරගන්න, ගෙවල්වල නැතිවෙච්ච බඩු ටික වළං පිඟන් ටික ගන්නත් සල්ලි දීලා තියෙනවා. විපක්ෂයට සමහරවිට හම්බවෙලා නැතිව ඇති. ඒ නිසා ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ ලබාදුන්නු වැඩිම සහන ලබාදුන්නේ මේ ආණ්ඩුව”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ කලා ඔය ජල පහරට මැදි වූ බස් රථයේ මගීන් පිරිස බේරා ගන්නා අවස්ථාවේ ඔවුන් රැඳී සිටි ගොඩනැගිල්ල පිහිටි ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (18) දිනයේදී එහි ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...