දිට්වා සුළිකුණාටු ආපදාව පැමිණි අවස්ථාවේ සිට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම අපදා තත්වය කළමනාකරණය කිරීම සඳහා නායකත්වය දුන් ආකාරය මේ වනවිට ලෝකයේම අවධානයට ලක්ව ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
“අපි විශ්වාස කරනවා ජාත්යන්තර වශයෙන් රටක් අවධානයට ලක්වෙන්න එවැනි රටක මෙවැනි විපතක් සිද්ද වෙච්ච වෙලාවක නායකත්වයේ සුවිශේෂත්වයක් තියෙන්න ඕනෙ. ඒ සුවිශේෂත්වය තමයි අපට මේ බලපාලා තියෙන්නෙ. මම පුද්ගලිකව දන්නවා ජාතික ව්‍යසන සභාවේ සාමාජිකයෙක් හැටියටත් මේ ක්‍රියාවලියට මැදිහත් වෙච්ච අවස්ථාවේ අපිව මෙහෙයවන්න අනුර දිසානායක ජනාධිපතිතුමා කොයි ආකාරයෙන් අපිව මෙහෙයවෙව්වද කියලා. ඒ වගේම තමයි මුදල් අමාත්‍යාංශයත් අනෙකුත් අමාත්‍යාංශත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂතුමාත් ඉතාම විශේෂ මැදිහත් වීමක් කළා. මොකද ජනාධිපතිතුමාට ඕනෙ වුණේ රටක් හැටියට මේ ආපදාවට මුහුණ දෙන්න. පක්ෂ හැටියට නෙවෙයි, පුද්ගලයො හැටියට නෙවෙයි. විපතක් වෙද්දී ඒ විපතට මැදිහත් වෙද්දී ස්වේච්ඡා සේවය මොනතරම් වැදගත්ද කියන එක රාජ්‍ය සේවයට ඔප්පු කළා. ඒ ඔප්පු කිරීමට නායකත්වය ලබාදුන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපේ අනුර දිසානායක ජනාධිපතිතුමා. පක්ෂයක් හැටියටත් අපි ආඩම්බර වෙනවා එවැනි නායකයෙක් අපිට ඉන්න එක ගැන. රටක් හැටියටත් මං හිතනවා අපේ රටේ ජනතාවට ඒ ඇගයීම තියෙනවා කියලා. මම හිතන්නෙ මේ ආපදාව සිදුවෙච්ච මොහොතේ ඉඳලා වැඩිම කාලයක් වැඩිම පීඩනයකින් නිදිනැතිව හිටපු මනුස්සයා කවුද කියලා හිතුවොත් මේ රටේ, ඒ අපේ ජනාධිපතිතුමා. හැම පුද්ගලයෙක් ගැනම පුද්ගලිකව සොයාබැලුවා. ඒ සුවිශේෂත්වය අපි අගයන්න ඕනෙ, නැත්නම් අපි මිනිස්සු නෙවෙයි”
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පාර්ලිමේන්තුවේදී ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් පැවති විවාදයට එක්වෙමිනි.
