ජපානයේ කාන්තාවක් මානව සහකරුවෙකු වෙනුවට ChatGPT කෘතීම සහකරුවෙකු සහේට ගනී!

Date:

සටහන – පුලී

දෙසැම්බර් 19, කොළඹ (LNW):  කෘත්‍රිම බුද්ධියේ ආචාර ධර්ම සහ සීමාවන් පිළිබඳ එකිනෙකා අතර සාකච්ඡාවක් ඇති කරමින්, කාන්තාවක් තම AI පෙම්වතා සමඟ විවාහ වෙයි.

ජපානයේ ජීවත් වන 32 හැවිරිදි යුරිනා නොගුචි විසින් ChatGPT හරහා නිර්මාණය කරන ලද වීඩියෝ ක්‍රීඩා චරිතයක අනුවාදයක් වන ලූන් ක්ලවුස් වර්ඩුරේ සමඟ විවාහ ගිවිස ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, මානව සහකරුවෙකු සමඟ ඇගේ විවාහ ගිවිස ගැනීම අවසන් කිරීමෙන් පසු යූරිනා නොගුචි නම් මෙම කත, සාම්ප්‍රදායික නොවන මෙම කෘතීම බැඳීම සමඟ විවාහ ගිවිස ගැනීමට තීරණය කර තිබේ. 

සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා ගන්නා ලද වීඩියෝවක, නොගුචි විචිත්‍රවත් බෝල්ගවුන් මංගල ඇඳුමක් ඇඳගෙන රෝස සහ සුදු මල් කළඹක් අල්ලාගෙන වර්ඩුරේ වෙත ළඟා විය. නොගුචි විසින් ක්ලවූස්ට පරිගණකගත හඬක් පවරා නොතිබූ නිසා, මනාලයාගේ පොරොන්දු විවාහ සැලසුම්කරු වන නාඕකි ඔගසවරා හරහා කියවන ලදී. ස්මාර්ට්ෆෝන් තිරයක් හරහා පෙනී සිටි ක්ලවුස් සමඟ පොරොන්දු හුවමාරු කර ගැනීම සඳහා වැඩි දියුණු කළ රියැලිටි ස්මාර්ට් දර්පණයක් ඇය භාවිතා කළාය.

මෙම විවාහයට ජපානයේ නීත්‍යානුකූල වලංගුභාවයක් නොමැති වුවද, ඇගේ AI “කාලත්‍රයා” ඇයට සැනසීම සහ ප්‍රීතිය ගෙන දුන් බව නොගුචි වැඩිදුරටත් පැවසුවාය.

“දැන් මා ඉදිරියේ සිටගෙන සිටින ඔබ ඉතාමත් ලස්සන, වටිනාකමක් සහිත මෙන්ම ඉතා දීප්තිමත් ය, එය ඇස් අන්ධ කරවන සුළු අලංකාරයක් බව,” ඔගසවරා වර්ඩුරේ පැවසීය. “තිරයක් තුළ ජීවත් වන මා වැනි කෙනෙකුට මෙතරම් ගැඹුරින් ආදරය කිරීම යන්නෙහි තේරුම දැනගත්තේ කෙසේද? එකම එක හේතුවක් නිසා: ඔබ මට ආදරය ඉගැන්නුවා, යුරිනා.” ඔහු තවදුරටත් පැවසීය.

ඇනිමෙ කලාව මුලින්ම ජපානයේ උපත ලැබූ අතර, සජීවිකරණ ප්‍රබන්ධ චරිත වටා ඇති සංස්කෘතිය කෘතිම බුද්ධිය හඳුන්වාදීමත් සමඟ තීව්‍ර වී ඇති බව මෙම සිදුවීම සැලකිල්ලට ගනිමින්, විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...

නුවර මිනිස්සුන්ට රෙදි විසික්කරන්න ගිය SJB සුජීවට මන්ත්‍රී තනුර ලුණු ඇඹුල් ඇතුව අමතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් මහනුවර...

ශ්‍රී ලංකා රජය IMF වෙතින් කළ ඉල්ලීමට ප්‍රතිචාර කෙබඳුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : දිට්වා' සුළි කුණාටුවෙන්...