131% කින් පාකිස්තානයේ ගෑස් මිල වැඩි වෙයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්තානයේ ගෑස් මිල 131% කින් ඉහළ දැමීමට අවසර දෙන ලෙස එරට තෙල් හා ගෑස් නියාමන අධිකාරිය රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ නිසි වේලාවට ගෑස් මිල ඉහළ නැංවීමට රජය පියවර නොගැනීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් ආනයනයෙන් පාකිස්තානයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදු වී ඇති බව පවසමිනි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, මේ ඉල්ලීම කර ඇත්තේ පසුගිය නොවැම්බරයේ එරට අයවැයෙන් ගෘහස්ථ ගෑස් මිල 172% කින් ඉහළ දැමීමට යෝජනා කර තිබියදීය. තෙල් සහ ගෑස් නියාමන අධිකාරියේ ඉල්ලීමට අනුව ගෑස් මිල ඉහළ දැමීමට රජය පියවර නොගන්නේ නම් ගෑස් ආනයනික ණය රුපියල් බිලියන 275 දක්වා ඉහළ යනු ඇතැයි ද පාකිස්තාන බලශක්ති අමාත්‍යාංශ වාර්තාවකින් පෙන්වා දී ඇති බවයි.

එරට බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කරන්නේ, පවතින තත්ත්වය මත අද වන විට රුපියල් 2,965කට අලෙවි වන පාකිස්තානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3900 දක්වා ඉහළ යනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...