AI සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාවකට අනුව, කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකිවන පරිදි 2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධන නියෝජිතායතනයක් පිහිටුවා එහි කොටසක් ලෙස කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානය පිහිටුවීමට මෙමගින් ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

ජනාධිපතිවයා පවසන්නේ, එම ආයතන පිහිටුවීමේ අරමුණ නම් රජයේ ඩිජිටල් සංවර්තන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය නායකත්වය ලබාදීම ද, ආයෝජනයට උපදෙස් ලබාදීම සහ අධීක්ෂණය කිරීම බවයි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය තුළ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමටත්, එහි ප්‍රතිඵල ලබාගැනීමටත් පුළුල් බලතල සහිත ආයතනයක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව රජය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...