ගූගල් සමාගම මගින් ලබාදුන් අදාළ තොරතුරු අනුව 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට! වසර 2ක් ඥාති සොහොයුරියක් අපයෝජනය කරලා

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ළමා අසභ්‍ය දර්ශන නරඹන හා හුවමාරු කරගන්නා පුද්ගලයන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා ගූගල් සමාගම මගින් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වාදුන් නව ක්‍රමවේදයක් උපයෝගී කරගනිමින් , වසර 2 තිස්සේ සිය ඥාති සොහොයුරියක් ලිංගිකව අපයෝජනය කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව , පොලීසිය පවසයි.

මෙය ගූගල් සමාගම මගින් ලබාදුන් අදාළ තොරතුරු අනුව සිදුකළ පළමු අත්අඩංගුවට ගැනීමයි.

කොළඹ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර,
මෙම තරුණයා අතින් අපයෝජනයට ලක්ව ඇත්තේ ඔහුගේ ඥාති සොහොයුරියක් වන 12 හැවිරිදි වියේ පසුවන දරුවෙකි.

සැකකාර තරුණයා දැරිය ලිංගිකව අපයෝජනය කරමින් ඒවා වීඩියෝ ගතකර ගූගල් ඩ්‍රයිව් වෙත අප්ලෝඩ් කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...