සියල්ල දිනූ ජැෆ්නා අවසාන තරගයේදී හම්බන්තොටට පරදියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
දෙසැම්බර් 20 ,(LNW)කොළඹ :

නිමාව දුටු එල්පීඑල් පන්දු ඕවර් 10 තරගාවලියේ අවසාන තරගය සම්බන්ධයෙන් ඊිට පෙර අප තැබූ සටහනේ මෙසේ දැක් වූ බව ඔබට මතක තිබෙනවා විය යුතුය.
“ලකුණු පාලනයට සමත් පන්දු යවන්නන් ලෙස සැළකිය හැකි ධනංජය ලක්ෂාන් මෙන්ම මේ මොහොතේ විශාල අවධානයක් දිනා සිටින අයිපීඑල් සඳහා පවා මිල දී ගෙන සිටින ඒෂාන් මාලිංග ද හම්බන්තොට කණ්ඩායම සතුව සිටීම පහසුවෙන් අමතක කළ නොහැකියි.


අවසාන තරගය බැවින් මේ තරගය යනු මින් පෙර පැවති කිසිඳු තරගයකට අදාළ නැති සූරයන් තෝරන තරගය බව දෙපිළම දන්නා බැවින්,දෙපිළේම සිටින විශිෂ්ඨයන් සිය හැකියාව උපරිමයෙන් පෙන්වන බව සහතිකයි.ඒ නිසා පළමු එල්පීඑල් පන්දු ඕවර් 10 තරගාවලියේ අවසානය වර්ෂාවෙන් බාධා නොවුණොත් තියුණු සහ දියුණු අවසානයක් දැකිය හැකි සංදර්ශණාත්මක තරගාවලි අවසානයක් වීමට ඇති ඉඩ විශාලයි.“
අවසාන තරගයේදී එය එසේම සිඳු විය.මේ දක්වා අපරාජිතව සිටි සහ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කළ හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම මංගල එල්පීඑල් පන්දුවාර 10 තරගයේ සූරතාවය දිනා ගන්නට සමත් විය.පළමුව පන්දුවට පහර දුන් හම්බන්තොට කණ්ඩායම වෙනුවෙන් විශාල ලකුණු රැඳුණු ඉණිමක් වාර්තා කරන්නට කිසිඳු පිතිකරුවෙක් සමත් නොවූව ද,මොහොමඩ් ෂෙසාඩ් (26),සභීර් රහ්මව් (16),දසුන් ශානක (21) සහ ශෙවෝන් ඩැනියල් (26) දැක් වූ දායකත්වය නිසා පන්දු ඕවර් 10 නිමාවන විට හම්බන්තොට කණ්ඩායම කඩුලු 7 ට ලකුණු 133 ක් රැස් කරන්නට සමත් වුණා.ට්‍රෙවින් මැතිව්ස් යළිත් ජැෆ්නා කණ්ඩායමේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 18 ට කඩුලු දෙකක් දවා ගත්තේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වෙමින් මුළු කඩුලු එකතුව 14 දක්වා ඉහළට ඔසවමින්.

සියල්ල දිනූ ජැෆ්නා අවසාන තරගයේදී හම්බන්තොටට පරදියි

පිළිතුරු ඉණිමට පිවිසි ඒ දක්වා අපරාජිතව සිටි ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ටොම් ඇබෙල් නොදැවී ලකුණු 54 ක් ලබමින් ජැෆ්නා කණ්ඩායමට මේ තරගාවලියේ නුහුරු පරාජය වළක්වාලීමට උත්සාහ කළ ද,පන්දු වාර 10 නිමාවේ ජැෆ්නා ලකුණු පූවරුව කඩුලු 6 ක් දැවී ලකුණු 107 ක් ලබා සිටියදී නිමාවට පත් වුණා.රිචඩ් ග්ලේසන් ලකුණු 21 ට කඩුලු 3 ක් ද,දසුන් ශානක ලකුණු 4 ට කඩුලු 2 ක් දවා ගනිමින් ජැෆ්නා පිතිකරණය සාර්ථකත්වයට ළගා වීම වළක්වාලූවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...