වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරයි!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ (LNW):

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබුවා. ඒ, කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් නඩුවට අදාලව වේ.

අද (20) කොළඹ මහාධිකරණය හමුවේ එහි විත්තිකරුවන්ට මේ පිළිබඳව දැනුම්දෙනු ලැබූ බව වාර්තාවේ. එම තීරණය දැනුම්දීම සඳහා අදාළ නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු බව සඳහන් වේ. අදාළ දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව, එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැඳිගේ මහතා විසින් විත්තිකරුවන්ට දැනුම් දුන් බව වාර්තා වේ.

විත්තිකරුවන්ට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සඳහන් කර නොමැති බවත්, විත්තිකරුවන් ජනාධිපති සමාවක් වැන්නක් අපේක්ෂා කරන්නේ නම් ඔවුන්ට දඬුවම ක්‍රියාත්මක වන දිනය ඉතා වැදගත් බව මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වා ඇති අතර ඒ ඇතුව , දඬුවම ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

එහෙත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බවත් තමන්ට ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...