කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

Date:

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් සිදු කළ අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් මගින් තමන්ගේ කීර්තිනාමයට හා ගෞරවයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන මෙන් ඉල්ලා හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ දිසා අධිකරණයේ දී අපහාස නඩුවක් පවරා තිබේ.

නඩුවේ දෙවන විත්තිකරු ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා සහ ස්වාධීන රූපවාහිනිය නම් කර ඇත.

2025 ජනවාරි 9 දින පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් හිටපු ආණ්ඩුකාරවරයා හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන ඇතැයි ද, වංචනිකයෙක් දුෂිතයෙකු යැයි බව ප්‍රකාශ කර තිබුණු අතර අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් ලබාගෙන ඉඩම් විකුණා ඇතැයි ද, ජාවාරම්කරුවන් සමඟ අක්කර 5,482 ක් අල්ලාගෙන ඇතැයි ද, අඹ පැල සොරකම් කර ඇතැයි ද වශයෙන් අමාත්‍යවරයා චෝදනා 15 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබුණි.

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා විසින් සිදු කල ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර එම වචන, ප්‍රකාශන හා පාඨ අපහාසාත්මක බවත්, වක්‍රොක්තියෙන් එල්ල කළ චෝදනා ද අසත්‍ය බවත්, එම ප්‍රකාශ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති විකාශනය හා ‘පත්තරෙන් එහා’ වැඩසටහන මගින් ද ප්‍රචාරය කර තිබු බව කීර්ති තෙන්නකෝන් සිය පැමිණිල්ලෙන් දක්වා ඇත.

ඒ අනුව තමන්ට සිදු වූ අපහාසය වෙනුවෙන් රු. මිලියන 100 ක මුදල් ද, නඩු පවරන දිනයේ සිට තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය දක්වා එම මුදල සඳහා වූ නෛතික පොළියද අයකර දෙන ලෙස අංක DMR/1467/25 නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Pep Guardiola යුක්තිය සහ සාමය වෙනුවෙන් නැවතත් නැගී සිටී..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැන්චෙස්ටර් සිටි පාපන්දු...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ වෙත නව ප්‍රවේශයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අරමුණු...

රාෆා හරස් මාර්ගය හරහා රෝගීන් ඉවත් කිරීම ඊශ්‍රායලය අත්හිටුවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් රෆා...