බටහිර රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් තවත් යුද්ධ ඇති නොකරන බව පුටින් කියයි

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් යුක්රේන යුද්ධයෙන් පසු තවත් යුද්ධ ඇති නොවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසයේ රුසියාව නේටෝවට පහර දීමට වසර කිහිපයක් පමණක් ඉතිරිව ඇති බව යුරෝපීය බුද්ධි අංශ අනතුරු අඟවා තිබීමත්, බටහිර ආරක්ෂක සන්ධානයේ ප්‍රධානී මාර්ක් රූට් මේ මාසයේ දී රුසියාව දැනටමත් රහසිගත ව්‍යාපාරයක් උත්සන්න කරමින් සිටින බවත්, බටහිර රටවල් යුද්ධයට සූදානම් විය යුතු බව ප්‍රකශ කර තිබීම සම්බධයෙන් ඊයේ(19)දිනයේදී BBC සමඟ පැවති සාකච්ජාවකදී ජනාධිපති පුටින් මේබව සඳහන් කර තිබිණ.

මොස්කව් යුරෝපීය රටවලට පහර දීමට සැලසුම් කරන බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත්, යුරෝපා රටවල් රුසියාවට ගෞරවයෙන් සලකන්නේ නම් රුසියාවද ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ගරු කරන බවත්, යුක්රේනයේ යුද්ධය සාමකාමීව අවසන් කිරීමට තමා සූදානමින් සහ කැමැත්තෙන් සිටින බවත්, ජනාධිපති පුටින් මෙහිදී නැවතත් කියා තිබුනද සම්මුතියක කිසිදු සලකුණක් ඉදිරිපත් කර නොතිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...