ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

Date:

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම තායිවානය මුහුණ දෙන “තර්ජනයට” සහාය වීමක් යැයි ඇමරිකාව කළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමේ තීරණයක් ඇමරිකාව පසුගියදා අනුමත කළා. ඇමරිකාව සිදු කළ එම ක්‍රියාව “තායිවානයට ප්‍රමාණවත් ආරක්ෂාව සහතික කරන බවත් තායිවානය මුහුණ දෙන තර්ජනයට සහායක් වන බවත්” මාධ්‍ය වාර්තා කර ති‍බෙනවා. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(19) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළා.

ඇමරිකාව තායිවානයට අවි ආයුධ විශාල ප්‍රමාණයක් අලෙවි කිරීම චීන අභ්‍යන්තර කටයුතු දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි ඔහු පැවසුවේ. එය චීනයේ ස්වාධිපත්‍යයට හා භෞමික අඛණ්ඩතාවට දැඩි ලෙස හානි සිදු කරන අතර තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සාමය හා ස්ථාවරත්වය ද විනාශ කර තිබෙනවා. එමගින් “තායිවාන බෙදුම්වාදී” බලවේගයන්ට හා ලෝකයට දරුණු මෙන්ම වැරදි සංඥාවක් නිකුත් කෙරෙනවා. චීනය ඊට දැඩි විරෝධය පළ කර ඇති බවද Guo Jiakun මහතා පැවසුවා. එබැවින් ඒ සඳහා සියලු අත්‍යවශ්‍ය පියවර ගන්නා චීනය ජාතික ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව දැඩිව ආරක්ෂා කරනු ඇතැයිද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා එහිදී අවධාරණය කළා.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...