පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW:

ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීමේ දිශානතිය වෙනස් මඟකට යොමු කළ ප්‍රමෝදය වික්‍රමසිංහ නැවත එම තනතුරට පත්ව තිබෙනවා.එහිදී මාධ්‍ය සමඟ කළ සාකච්ඡාවේදී ඔහු පැහැදිළි කළේ තේරීම් කමිටුව ඉදිරියේදී වඩාත් පුළුල් ලෙස කේෂ්ත්‍රය හා ගැටෙමින් දක්ෂයන් මෙන්ම දක්ෂතා වර්ධනයට අවශ්‍යය කාරණා ගැන ද සොයා බලන බවයි.ඒ අනුව තම තේරීම් කමිටුවේ අධ්‍යයනයන්ට අනුව පුහුණුකරුවන්ටද මෙම තේරීම් මෙන්ම ක්‍රීඩක හැකියාව සංවර්ධනය කිරීමට සහ තත්ත්වයන් ආරක්ෂාවට සහ කළමණාකරණයට වගකීමක් පැවරෙන බව පෙන්වා දුන් ප්‍රමෝදය,ඒ අනුව පරාජයකදී බොහෝ විට තේරීම් කමිටුව මත පමණක් පැටවෙන බර ඔවුන් අතර ද බෙදී යනු ඇති බව පෙන්වා දුන්නේය.


කෙටි කාලීන සහ මධ්‍යකාලීන මෙන්ම දිගු කාලීන සැළසුම් සමඟ ඉදිරියට සිතීමේ සැළසුම් අතර නව තේරිම් කමිටුව අවුරුදු 19 න් පහළ තරග අතරින් තෝරා ගන්නා ක්‍රීඩකයින් පළල් පරාසයක ක්‍රිකට් දැණුමක් සහිතව සහ ඒ කේෂ්ත්‍රයන්හී වෘත්තිමය වශයෙන් අවබෝධය පුළුල් කිරීම වෙනුවෙන් දක්වන උනන්දුව, සැළසුම නව්‍යමය එකක් මෙන්ම වැදගත් එකක් ලෙස ද ගත හැකියි.මේ කාරණාවන් සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ යුතු බවය.එය ක්‍රිකට් සභාපතිවරයා ප්‍රමුඛ විධායක කමිටුවේ ප්‍රතික්ෂේප කිරීමට හේතු විය නොහැකි ධනාත්මක වූ ක්‍රිකට්මය යෝජනාවක් බැවින් එය යථාර්තයක් වීමේ අර්බූදයක් පැන නොනගිනු යන්න අපි විශ්වාස කරන්නෙමු.
මෙහිදී ප්‍රමෝදය වික්‍රමසිංහ ඉහළ කාර්ය සාධන පුහුණුව ගැන ද යම් දෝෂයක් පවතින බව සෘජුවම නොමැති වුවත් හැඟවෙන ප්‍රකාශයක් කළේය.

දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායමට පැමිණ දක්ෂතා දක්වමින් සිටියදී කණ්ඩායම තුළ සිටියදී දක්ෂතාවලින් පහතට ඒම කාලයක සිට බොහෝ දැක ඇති දෙයක්ය.ප්‍රමෝදය ඒ තත්ත්වයට ක්‍රීඩකයා සෘජුව යොමු නොවී 19 න් පහළ තෝරා ගන්නා සංචිතය තුළ සංවර්ධනය කිරිම පිළියමක් ලෙස අපේක්ෂා කිරීම සාධාරණ පිළිතුරකට හේතු විය හැකිය.
මෙහිදි මාධ්‍ය වෙතින් තේරීම් කමිටු සාමාජිකාවක වන රසාංජලී ද අල්විස්ට එල්ල වූයේ සමස්ත තේරීම් කමිටුවේම නිර්දෝශිභාවය සහ සාධාරණය සැකයට භාජනය වන අන්දමේ ගැටළුවක්ය.ඒ ඇයගේ දියණිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමඟ ක්‍රීඩා කරන බවට ලැබී ඇති තොරතුරය.ඇයද අවංකව එය පිළිගත්තාය.එහෙත් මෙවැනි අවස්ථාවක් ජාතික ඒ කණ්ඩායම සමඟ සිය දියණියට ලැබෙන්නේ තමන්ගේ තත්ත්වය සහ ක්‍රීඩක ඉතිහාසය නිසා බව ඇය පිළිගත යුතුය.මෙවැනි තැනකදී ඇය දියණිය සහ ක්‍රිකට් යන දෙකෙන් දියණියව තෝරා ගැනීමට තරම් පරිත්‍යාගශීලී වුවහොත් දුවගේ දක්ෂතාවයට සාධාරණය මෙන්ම නිකලැල් බවක් ද එකතු වනු ඇති බව අපේ විශ්වාසය වන්නේය.එසේම ක්‍රිකට් ක්‍රීඩා කළ අම්මා කෙනෙක් ලෙස ක්‍රීකට් කරන දියණියට දිය හැකි ලොකුම ක්‍රිකට් තෑග්ගද එය වනු ඇත.මෙවැනි රොඩ්ඩක් හෝ සැක හිතෙන අන්දමට තබා නොගැනීම ද තේරීම් කමිටු සභාපතිවරයාගේ අවධානයට යොමු විය යුතු කාරණයක්ය.


ප්‍රමෝදය අවසාන වශයෙන් මාධ්‍ය පෙන්වා දෙන කරුණු සමඟ එක්ව සාධාරණ විවේචනවලට එකඟව අත්වැල් බැඳ පෙරට යන්න කළ ආරාධනය වැදගත්ය.එහෙත් මේවා වචන වී ක්‍රියාවේදී ලොප් විය හැකිය.පැයකට ආසන්න කාලයක් තුළ ඔහු සිය තේරිම් කමිටුවත් සමඟ සිටිමින් හොඳින් අදහස් දැක් වීය.කටට වචන උනන ගතිය කොහොමත් ඇති ප්‍රමෝදයට එවැනි දේ සුළු දේ ය.එහෙත් ක්‍රිකට් සුළුවෙන් ගත නොහැකි නිසා, තෝරා දුන් 25 සමඟ අපි ලෝක කුසලානයට යනවා කියන කාරණය සංහෝධනය කළ හැකි තැන් වෙනස් කරන්නේනම් වටින්නේය.ඒ හිටපු තේරීම් කමිටුවේ තත්ත්වය පහත හෙළිමට නොවේය.තමන්ට ඊට වඩා හොඳ යමක් දැනේනම් සහ පෙනේනම් එය ඉටු කරන්නට කල් නොමැරිය යුතුය.හැම තත්පරයම අලුත් වෙන්නටත් දිනන්නටත් පුළුවන් එහි වරදක් නැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...