හානි සිදු වූ මාර්ග පද්ධතිය ආරක්ෂිතව ඉදිකිරීමට වැයවන මුදල අති විශාලයි -නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW :

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන, ආපදාවෙන් හානි සිදු වූ මාර්ග පද්ධතිය ආරක්ෂිතව ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 190ක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ , දුම්රිය මාර්ග ගොඩනැගීම සඳහා ද රුපියල් මිලියන  340 ක් වැය වන බවට ගණන් බලා ඇති බවයි.

රුපියල් මිලියන 822 ක් වැය කරමින් මහනුවර විලියම් ගොපල්ලා මාවත මංතීරු 04ක් දක්වා සංවර්ධනය කෙරෙන අතර, මහනුවර දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දුම්රිය කාර්ය මණ්ඩලය සඳහා මහල් 07 කින් යුත් සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ලක් ඉදි කෙරෙන අතර ඒ සඳහා වැය කෙරන මුදල රුපියල් මිලියන 1528 ක් බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

රුපියල් මිලියන 622 ක් වැය කරමින් මහනුවර ලුවී පීරිස් මාවත  සංවර්ධනය කිරීමේ කටයුතු ද ආරම්භ කෙරුණි. මහනුවරදී සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරමේ වැඩසටහන එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...