ගුවන සෙලවෙයි

Date:

sms sharing button 

sharethis sharing button 

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW:

මැලිබන් කුසලාන ජාතික රග්බි සූරතාවලියේ මේ දක්වා ඉදිරියෙන් සිටි ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 20 – 5 ක් ලෙස පරාජය කරන්නට හැව්ලොක් කණ්ඩායම සමත් වුණා.හැව්ලොක් ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමට පළමු අර්ධයේ දී කිසිඳු ලකුණක් රැස් කිරීමට අවසර නොදුන් හැව්ලොක් ක්‍රීඩකයින් ලකුණු 13 – 0 ක් ලෙස පෙරමුණට පැමිණියා.දෙවන අර්ධයේදී යම් අභියෝගයක් කරමින් ගුවන් හමුදා ක්‍රීඩකයන් උථ්සාහක දිණුමක් වාර්තා කළත්,හැව්ලොක්ස් ක්‍රීඩකයන් උත්සාහක දිණුමකට එකතු කළ සාර්ථක ප්‍රවර්තනය ද සමඟ තවත් ලකුණු 7 ක් එක් කර ගන්නට සමත් වුණා.


ලොන්ඩන් පෙදෙසේ දී පොලිසිය හමු වූ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයට සිඳු වූයේ ලකුණු 43 – 7 ක පොලිස් ප්‍රහාරයක් භූක්ති විඳින්නටයි.තරගයේ පළමු අර්ධයේදී පොලිසිය වඩාත් ආක්‍රමණික වූ අතර ඔවුන් ප්‍රතිවාදීන්ට කිසිඳු ලකුණක් රැස් කරන්නට ඉඩ නොතබා ලකුණු 24 ක් එක් කරන්නට සමත් වුණා.දෙවන අර්ධයේදී පොලිස් කණ්ඩායම තවත් ලකුණු 19 කින් සිය ලකුණු ප්‍රමාණය පෝෂණය කර ගනිද්දී ශ්‍රී ලයන්ස් කණ්ඩායමට හැකියාව ලැබුණේ ලකුණු 7 ක් එක් කර ගන්නට පමණයි.
නාවික හමුදා කණ්ඩායම නාවික හමුදා පිටියේදී ම සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩකයන්ගේ දැඩි ප්‍රහාරයකට ලක් වුණා.සීආර් කණ්ඩායම පළමු අර්ධයේදී සිය ලකුණු ප්‍රමාණයට ලකුණු 31 ක් එකතු කර ගත් අතර දෙවන අර්ධයේදී එය තවත් ලකුණු 33 න් පොහොසත් කර ගනිමින් මුළු ලකුණු එකතුව ලකුණු 64 ක් බවට පත් කර ගන්නට සමත් වුණා.නාවික හමුදා ක්‍රීඩකයින් පළමු අර්ධයේදී ලබා ගත්තේ ලකුණු 3 ක් පමණක් වුව ද,දෙවන අර්ධයේදී එම ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 12 ක් එකතු කර ගනිමින් සමස්ත ලකුණු ප්‍රමාණය ලකුණු 15 ක් බවට පත් කර ගන්නට සමත් වුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ හැව්ලොක් පිටියේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ හැව්ලොක් කණ්ඩායම අතර තරගයේ අවස්ථාවන්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...