Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

Date:

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අඟුණකොළපැලැස්ස බන්ධනාගාර රැඳවියන් සිය දින දෙකක දිවා ආහාර වේල සඳහා වෙන්වූ වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමටත් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන සියලුම නිලයන්හි සේවය කරන්නන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමෙන් රුපියල් ලක්ෂ 06ක (රු.600,000.00) මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කිරීමටත් කටයුතු කර තිබේ.

ඒ අනුව සූදානම් කර තිබූ අතර එම ද්‍රව්‍යමය සහ මුදල් ආධාර පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා වෙත නිල වශයෙන් භාර දීම අද (20) එම බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු විය.

මෙම අවස්ථාව සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සඳරුවන් පී. බදුගේ, අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී සමන්ත මහානාම, අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම්තුමිය, හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...