87 තත්වය නෙවෙයි දැන් තියෙන්නේ – ඉඩම්, පොලිස් බලතල ගැන චම්පිකගේ ස්ථාවරය

Date:

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ කාරණය සලකා බැලීමේදී දැන් රටෙහි ඇත්තේ 1987දී පැවති තත්වය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.

ප්‍රශ්නය: ඔබ සඳහන් කළා ද්‍රවිඩ ජාතීන්ගේ 31 දෙනා නිදහස් කරන්න. ඊට අමතරව ඔවුන්ගේ ඉඩම් කඩම් නිදහස් කරන්න. ඔබ සඳහන් කරන්නේ 13 වෙනි සංශෝධනයට අනුව ඒ තියෙන පොලිස් හා ඉඩම් බලතල, අධිකරණ බලතල සියල්ලම දෙන්න කියලද?

“නෑ මෙහෙමයි. ඉඩම් බලතලය දීලනේ තියෙන්නේ. ඒ වගේම ඔය පොලිස් බලතලය කියන කාරණය එනකොට රටේ තිබුණ තත්ත්වය නෙමෙයිනේ අද තියෙන්නේ. එදා පොලිස් බලතලය කියන තත්ත්වය තිබුණේ රටේ වෙනම හමුදාවක් හිටියා එල්ටීටීඊ කියලා. ඒ වගේම ඉන්දියාවේ පුහුණුව ලබපු තවත් සන්නද්ධ කණ්ඩායම් හිටියා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පොලිසියට එහි ආධිපත්‍යයක් තිබුනේ නැහැ. ඒ තත්ත්වය යටතේ තමයි ඔය පොලිස් බලතල කියන ප්‍රශ්නය ආවේ. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට අවශ්‍ය මේ පොලීසිය, සිංහල, දෙමළ පොලීසියක් නෙමෙයි. මේ පොලීසිය, රාජ්‍ය බලය ස්වාධීන කරන එක. රාජ්‍ය බලය ස්වාධීන කරන දෙමළ කතා කරන පොලිසියක් උතුරට දීම මිසක් දෙමළ පොලීසියක් හැදීම නෙවෙයි. ඒ අවස්ථාවේ 87 තිබුණු තත්ත්වය නෙමෙයි අද ලංකාවේ තියෙන්නේ. ඒක අමතක කරන්න හොඳ නෑ”

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පසුගිය 18 වනදා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...