ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරේ

Date:

ලිස් චෙනී කැපිටල් කෝලහාල දිනයේ ට්‍රම්ප් මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, එවැනි හැසිරීමක් ඇති අයෙකු කිසිම කාර්යාලයකට නුසුදුසු බවත්, එවැන්නෙකුට ජාතියේ කිසිම බලධාරි තනතුරක සේවය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බවත්ය.

ජනවාරි 6 එක්සත් ජනපදයේ කැපිටල් කෝලාහල අතරතුර හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද කමිටුව විසින්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ.

වංචා කිරීමේ කුමන්ත්‍රණය, නිල ක්‍රියාවලියකට බාධා කිරීම (ජෝ බයිඩන්ගේ මැතිවරණ ජයග්‍රහණය සහතික කිරීම), අසත්‍ය ප්‍රකාශයක් කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ කැරැල්ලක් උසිගැන්වීම හෝ උපකාර කිරීම, ආදිය ඔහුට විරුද්ධව ඇති චෝදනාවන් වේ. මෙම නිර්දේශය ප්‍රධාන වශයෙන් සංකේතාත්මක වන හෙයින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරනවාද යන්න තීරණය කිරීමේ වගකීම එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සතුවන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් කමිටු සභාපති ඩිමොක්‍රටික් පක්ෂයේ බෙනී තොම්සන් ප්‍රකාශ කර තිබුණේ, ජනවාරි 6 කැපිටල් කෝලහාලය වැනි සිදුවීමක් නැවත කිසි දින සිදු නොවිය යුතු බවත්, මෙම කුමන්ත්‍රණය පිළිබඳ වන සාක්ෂි යුක්තිය සඳහා මාර්ග සිතියම ලබා දීමට උපකාරී වනු ඇති බවත්ය.

කමිටුවේ උප සභාපතිනිය වන රිපබ්ලිකන් ලිස් චෙනී කැපිටල් කෝලහාල දිනයේ ට්‍රම්ප් මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, ඔහුගේ හැසිරීම නීති විරෝධී වීමට අමතරව සම්පූර්ණයෙන්ම සදාචාරාත්මක අසාර්ථක වීමක් සහ පැහැදිලි රාජකාරි පැහැර හැරීමක් වශයෙනි. එමෙන්ම එවැනි හැසිරීමක් ඇති අයෙකු කිසිම කාර්යාලයකට නුසුදුසු බවත්, එවැන්නෙකුට ජාතියේ කිසිම බලධාරි තනතුරක සේවය කිරීමට අවස්ථාව ලබා නොදිය යුතු බවත් ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Truth Socialහි සඳහන් කර තිබුණේ ලිස් (චේනි) වාර්තාගත ලකුණු 40 කින් පරාජයට පත් වූ බවයි. එමෙන්ම ගුවන් විදුලිය වැඩසටහනකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ජනවාරි 6 වැනි දින මෙතරම් විශාල ජනකායක් එක්රැස් වීමට හේතුව හඳුනා ගැනීමට අපොහොසත් මෙම කමිටුව කැන්ගරු කමිටුවක් බවයි.

ට්‍රම්ප් මහතාගේ නීතීඥ ජෝන් ඊස්ට්මන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, කොංග්‍රස් කමිටුවකින් අපරාධ චෝදනා යොමු කිරීමකට ප්‍රතිචාර දැක්වීමට අධිකරණ දෙපාර්තමේන්තුවට බැඳී නොසිටින බවත්, එය සාමාන්‍ය ඇමරිකානු පුරවැසියෙකු එල්ල කරන චෝදනාවක් මෙන් බවත්, ඒ වෙනුවෙන් විශේෂිත බරක් නොමැති බවත්ය. එමෙන්ම ඔහු විසින් කමිටුවට චෝදනා කර තිබුණේ, අපරාධ නඩුවක් මවාපාමින් ඩිමොක්‍රටික් පක්ෂය දේශපාලනික වාසි ලබා ගන්නා බවයි.

මෙම කමිටු වාර්තාව ප්‍රකාශයට පත් වීමත් සමඟ නිව්යෝර්ක් නගරයේ ට්‍රම්ප් කුළුණ ඉදිරිපිට විරෝධතාකරුවන් රැස්ව, ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා පුවරු ඔසවා සිටි බව ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_ අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිවිටිය දිවිතුර සභාවේ බලය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ශ්‍රී...

ජනපති අනුරගේ ජර්මන් සංචාරය ගැන අසත්‍ය ප්‍රකාශයක් කළැයි ගම්මන්පිලට එරෙහිව CID විමර්ශනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ජර්මනියේ සංචාරයේ නිරතව...

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...