කිඹුලා ඇළේ ගුණා ඇතුළු පාතාල නායකයින් 9ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Date:

මෙරට මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ජාවාරම්වලට සම්බන්ධ කිඹුලා ඇළේ ගුණා, ලඩියා, වැල්ලේ සුරංග ඇතුළු පාතාල නායකයින් 9 දෙනෙකු ඉන්දියාවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ සරණාගත කඳවුරක සිටියදී ඔවුන්ව ඊයේ (19) දිනයේදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සී. ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුටු කන්නා, මොහොමඩ් අස්මින්, සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, ලඩියා, ධනුෂ්ක රොෂාන්, වැල්ලේ සුරංග සහ දිලීපන් යන අය බව සඳහන්.

මොවුන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...