පාසල් නිල ඇඳුම් පරිත්‍යාගයක් චීනයෙන් – වටිනාකම කෝටි 500ක්!

Date:

එළඹෙන 2023 වසර සඳහා මෙරට පාසල් සිසුන් වෙත ලබාදීමට අවශ්‍ය නිල ඇඳුම් අවශ්‍යතාවෙන් සියයට 70ක් සම්පූර්ණ කිරීම සඳහා රුපියල් කෝටි 500ක නිල ඇඳුම් ලබාදීමට චීන රජය තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 2023 වසරේ මෙරට පාසල් සිසුන් වෙත ලබාදීම සඳහා නිල ඇඳුම් රෙදි තොගයක පරිත්‍යාග කිරීමට සැලසුම්කර ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ මෙම පරිත්‍යාගය හරහා මෙරට වාර්ෂික නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවෙන් සියයට 70ක ප්‍රමාණයක් සපුරාලීමට හැකි බවයි.

මෙලෙස පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති නිල ඇඳුම් රෙදි තොගයේ වටිනාකම රුපියල් කෝටි 500ක් පමණ වන අතර මෙම නිල ඇඳුම් රෙදි ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස එළඹෙන ජනවාරි මස 06 වනදා කොළඹ වරාය වෙත ළඟාවීමට නියමිතව තිබේ. එම රෙදි කන්ටේනර් 20ක අසුරා ඇති අතර එහි රෙදි මීටර් මිලියන 3ක් තිබෙන බවද චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

මෙහි පළමු තොගයට නිල ඇඳුම් මීටර් 2,374,427.5ක් අයත් වන අතර , සුදු කමිස සහ සුදු ගවුම් සඳහා අවශ්‍ය රෙදි ඊට අයත්වන බවද මීටර් 350,031.5ක් සුදු කලිසම් සඳහා වන බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය කියයි. ඊට අමතරව මීටර් 150003.5ක් නිල් කලිසම් රෙදි වන බවද මීටර් 138134ක් සිවුරු වන බවද තානාපති කාර්යාලය සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...