ආණ්ඩුවේ අන්ත පරාජය වළක්වාගැනීම සඳහා ජන්ද කල් දැමීමට කිසිලෙසකින්වත් ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
මෙරට පළාත් පාලන මැතිවරණය නීත්‍යානුකූල ලෙස එළඹෙන පෙබරවාරි 24 වනිදිනට පෙර පවත්වා අවසන් කළ යුතු වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
ජන්දය කල්දැමීමට නීතියේ කිසිදු ඉඩක් නොමැති බව ඔහු කියාසිටියි.
කිසියම් හෝ අයුරකින් ජන්දය කල්දැමීමට රජය උත්සහ කළහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.
ASK