ඊයේත් සැකකරුවන් 2296ක් අත්අඩංගුවට. 109 කට රැඳවුම් නියෝග

Date:

2023.12.19 දින පැය 0030 සිට 2023.12.20 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී මුලු සැකකරුවන් 2296 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 109 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරනු ලබන බව පොලිසිය පවසයි.

එසේම, සැකකරුවන් 14 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 184 දෙනෙකු යොමු කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 218 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම විශේෂ මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින් දැක්වේ.

හෙරොයින් 1kg 170g
අයිස් 648g
ගංජා11kg 600 g
හෂීෂ් 253g
මාවා 46kg 285g
ඈෂ් 73g
කුෂ් 90g
තූල් 831g
මත්පෙති 19507 ක්
ගංජා පැල 126060 ක්

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නියෝජ්‍ය ඇමති වටගල කළ ප්‍රකාශයට වන්දි ඉල්ලා නාමල්ගෙන් රුපියල් බිලියනක එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10 ,කොළඹ LNW : තමන්ට අපහාසයක් කළ...

නේපාලයේ විරෝධතාවලින් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකුගේ අත්දැකීම

නේපාලයේ පවතින විරෝධතා මැද එරට රාජකාරී කරන ශ්‍රී ලාංකික...

ආකාශ්ගේ දඟ කැවීමේ තර්ජණය මැද කොදෙව්වෝ ඉස්සර වෙති…

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 10, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...