මලල ක්‍රීඩා විශිෂ්ඨයන් මුණ ගැසෙන ඩයමන්ඩ් ලීග් කාල සටහන නිකුත් වේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ලොව පුරා සිටින විශිෂ්ඨම මලල ක්‍රිඩකයන්ට සිය දක්ෂතා වර්ධනය කර ගැනීමට මෙන්ම ඔවුන්ට විශාල මූල්‍යමය වටිනාකමක් එකතු කරන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලිය 2024 වසරේ පැවත්වෙන ආකාරය සම්බන්ධයෙන් තරග කාල සටහන මේ වන විට නිකුත් වී තිබෙනවා.


අප්‍රේල් 20 වන දින චිනයේ ෂීයාමෙන් හී දි ආරම්භ වන ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් ආරම්භ වන මෙම තරගාවලිය ලොව පුරා ගමන් කරමින් තරගාවලි 14 ට පසු අවසාන හමුවට සැප්තැම්බර් 13 – 14 දිනවල බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට පැමිණීමට නියමිතයි.මෙවර ඔලිම්පික් තරගාවලියද පැවත්වෙන නිසා මේ තරගාවලියේදී සිය දක්ෂතා ඉහළ මට්ටමකට කැඳවා ගෙන ඒමට සහභාගිවන සෑම ක්‍රීඩකයෙක්ම පාහේ උත්සාහ දරනු ඇතැයි සිතිය හැකි බැවින් ඩයමන්ඩ් ලීග් තරගාවලිය බොහෝ විට ඉකුත් වසරටත් වඩා තියුණු සහ අලුත් වාර්තාවන් නිර්මාණය කරන තරගාවලියක් වීමට වැඩි ඉඩක් පවතිනවා.


මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය සළකද්දී තේරීමට වරම් ලබාගෙන ඇත්තේ යුපුන් අබේකෝන් පමණක් වන අතර බොහෝ විට ඩයමන්ඩ් ලීග් තරගාවලිය සමඟ සමීපව ගමන් කරන ජාත්‍යන්තර තරග හරහා ඉදිරියට ඒමට අවස්ථාව ලදහොත් බොහෝ විට මේ වසරේ යම් ඩයමන්ඩ් ලීග් තරගයකට තරුෂි කරුණාරත්න මෙන්ම මේ වන විටත් ලෝක මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනක සිටින නදීශා දිල්හානි ලේකම්ගේ ට ද මේ අවස්ථාවන් උදා කර දිය හැකි බව සිතිය හැකියි.


තරුශි ඇයගේ උසස් පෙළ කටයුතු සඳහා සූදානම් වෙමින් සිටින අතර නදීශා මේ ආසන්න කාලය ඇතුළත ජාත්‍යන්තර මට්ටමේ තරග සහ පුහුණු සැසි සඳහා ඔහුගේ පුහුණුකරු ද සමඟ ඉදිරිපත් කිරීමට යම් අනුග්‍රාහකත්වයක් ලැබෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ මලල ක්‍රිඩාව වෙනුවෙන් කළ හැකි ඉහළම දායකත්වයක් විය හැකියි.


පහතින් දැක්වෙන සබඳතාවය හරහා 2024 වසරේ ඩයමන්ඩ් ලීග් කාල සටහනට පිවිසිය හැකියි.
https://www.diamondleague.com/calendar/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...