මහේල වැඩි ශබ්දයක් නොකළ ද, නුවන් තුෂාරට කෝටි 18 මිලක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ගෙවුණු අබුඩාබි තරගාවලියේ දී කැපී පෙණෙන දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකාවේ නුවන් තුෂාර මෙවර අයිපීඑල් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගැනීමට සමත් වෙනවා.ඒ ඉන්දියන් රුපියල් කෝටි 4.8 ට.ඩිල්ශාන් මධුශංක ද ඉන්දීය රුපියල් 4.6 ට මිලදී ගැනීමට ක්‍රියා කළේ මුම්බායි ඉන්දියන් කණ්ඩායමම යි.


වෙන්දේසියෙන් පසුව මහේල ජයවර්ධන අදහස් පළ කරමින් ඔවුන් මේ වෙන්දේසියේදී ඩිල්ෂාන් මධුශංක සහ ජෙරල්ඩ් කොට්සි ඉලක්ක කරගෙන පැමිණි බව ප්‍රකාශ කළා.ඉකුත් ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවත් වූ අවස්ථාවේ දී මේ දෙදෙනා දැක් වූ දස්කම් අනුව මහේල ඔවුන් මිලදි ගැනීම සඳහා වැඩි අපහසුවක් නොවීම පුදුමයට කරුණක් බව හඟවනවා.ඔවුන් ඊට වඩා මිලකට වුව මිලදී ගැනීම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ උවමනාව වී තිබූ බවයි මහේලගේ අදහස් දැක්වීමේ යටි පෙළ හැටියට ගත හැකි වන්නේ.


මහේල පවසන්නේ ඔවුන් සතුව සිටින හොඳම තුරුම්පුව ජස්ටින් බුම්රා බවයි.එසේම ඉකුත් වසරේ මතු වූ අශෝක් මද්වාල් ද,පළපුරුදු වමත් වේග පන්දු යවන්නා වන ජේසන් බෙහ්‍රෙන්ඩෝප් ද මහේලගේ අවධානයට යොමු වී තිබෙනවා.විශේෂයෙන්ම මුම්බායි ඉන්දියන් සමඟ වේග පන්දු යැවීමේ පුහුණුව සඳහා එක්වන ලසිත් මාලිංග මේ වන විටත් මධුශංකගේ සහ කොට්සි ගේ රසිකයෙකු වි ඇති බව පෙන්වා දීම හරහා ඔවුන් දෙදෙනාට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිවනු ඇති බවට යම් ඉඟියක් දෙන්නට මහේල උත්සාහ කරනවා.


එහෙත් මධුශංකටත් වඩා වැඩි මිලකට කණ්ඩායමට ගත් නුවන් තුෂාර ගැන එතරම් වැදගත්කමකින් කතා කරන්නට මහේල පියවර නොගන්නේ ඔහුට මේ තරගාවලිය තුළ තරග නරඹන්නෙක් පමණක් පමණක් වීමට වේ දැයි සැක ඇති කරමින්.නුවන් තුෂාර ජාතික කණ්ඩායමේ හෝ නිශ්චිත ස්ථානයක් නැතුව සිටියදී අබුඩාබි තරගාවලිය හරහා දක්ෂතා පෙන්වමින් අයිපීඑල් අවධානය දිනා ගත් ක්‍රීඩතයෙක්.නමුත් බොහෝ විට ලසිත් මාලිංග හරහා වැඩි ප්‍රයෝජනයක් ගන්නට ඒ ආකාරයට පන්දු යවන නුවන් තුෂාරට ලැබුණු මේ අවස්ථාව ඔහුට මුදලින් ලැබෙන ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ට ආසන්න මුදල තරමටම වටිනාකමක් එක් කරනු ඇති බව සිතිය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...