ඇමෙරිකාවෙන් මෙරටට ඩො බිලියනයක මූල්‍ය පහසුකම්…!

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW : ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය ආයතනය (DFC) මෑතකදී ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඩොලර් බිලියනයක එනම් රු කෝටි 32,000 ක පමණ මූල්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ඔවුන්ට ස්තුතිය පළ කළේය.

වොෂින්ටන් DC හිදී ස්තුතිය පළකිරීමේ හමුව පැවති අතර තානාපතිවරයා එහිදී DFC ප්‍රධාන විධායක ස්කොට් නේදන් මහතා ඇතුළු එම ආයතන ප්‍රධානීන්ට ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්තුතිය පළ කළේය.

ඉන්දියාවේ අදානි සමූහය හා ශ්‍රී ලංකාවේ කීල්ස් සමාගම ඒකාබද්ධව කොළඔ බටහිර වරාය ගැඔුරු හා කන්ටේනර් පර්යන්තයක් ලෙස සංවර්දනය කිරීමේදී ඩො මිලි 535 ක මූල්‍ය පහසුකම ඔවුන්ට සපයා ඇත්තේ ද මෙම DFC ආයතනය විසිනි. එය මෑතකදී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලැබුණු ඉහළම මුදල වේ.

තවද ශ්‍රී ලංකාවේ පරිසරය ,ආර්ථික, කාන්තා අභිවෘද්ධිය ට අදාළ ව්‍යාපෘති මෙන්ම ආහාර සුරක්ෂිතතාවට අදාළව මුල්‍ය පහසුකම් සැපයීම ගැන ද එහිදී සාකච්ඡා කෙරිණ.

ඇමෙරිකානු DFC වෙතින් ලබාදී ඇති මූල්‍ය පහසුකම් තුළ රැකියා හා ආදායම් ඉහළයාමේ අවස්ථා සුලභවීම මෙන්ම ජාත්‍යන්කර වෙළෙද හා නාවික කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාව විවෘතවීම ගැන ද තානාපති මහින්ද සමරසිංහ මහතා එහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට අමෙරිකාවේ DFC හා ලාංකීය තානාපති අංශ නිලධාරීන් ද එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...