ඉන්දීය ක්‍රිකට් නාමය ඉහලට ගෙනගිය “කෝලි” ලන්ඩනයේ පදිංචියට යන ලකුණු!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ ඔහුගේ බිරිඳ සුරූපී රංඟනශිල්පිනී අනුෂ්කා ෂර්මා ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන වාමිකා සහ අකායි සමඟ ලන්ඩනයට යාමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුවත කෝලිගේ හිටපු පුහුණුකරු රාජ්කුමාර් ශර්මා විසින් ඔවුන්ගේ පවුලේ තීරණ සහ ඔවුන්ගේ අනාගත සැලසුම් පිළිබඳ මත විමසීමකදී ඒ බව ප්‍රකාශ කළේය.

“ඔව්, විරාට් තම දරුවන් සහ බිරිඳ අනුෂ්කා ෂර්මා සමඟ ලන්ඩනයට යාමට සැලසුම් කර තිබේ.” ඔහු ඉන්දියාව හැර ගොස් ඉතා ඉක්මනින් ලන්ඩනයේ පදිංචියට යන බවත්, මේ වන විට, කෝලි ක්‍රිකට් වලින් තොරව ඔහුගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කරන බවත්” ශර්මා ඩයිනික් ජග්‍රන්ට පැවසීය.

මෙම යුවළට දැනටමත් ලන්ඩනයේ දේපල සතුව ඇති අතර, ඔවුන්ගේ බාලම දරුවා වන අකායි, 2024 පෙබරවාරි 15 ​​වන දින ලන්ඩනයේ උපත ලැබීමද මෙම සිදුවීම් හා සම්බන්ධ වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ආපදාවෙන් විපතට පත්...

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...