ඉන්දීය ක්‍රිකට් නාමය ඉහලට ගෙනගිය “කෝලි” ලන්ඩනයේ පදිංචියට යන ලකුණු!

Date:

සටහන: පුන්සරා ලියනගේ

දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සහ ඔහුගේ බිරිඳ සුරූපී රංඟනශිල්පිනී අනුෂ්කා ෂර්මා ඔවුන්ගේ දරුවන් දෙදෙනා වන වාමිකා සහ අකායි සමඟ ලන්ඩනයට යාමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුවත කෝලිගේ හිටපු පුහුණුකරු රාජ්කුමාර් ශර්මා විසින් ඔවුන්ගේ පවුලේ තීරණ සහ ඔවුන්ගේ අනාගත සැලසුම් පිළිබඳ මත විමසීමකදී ඒ බව ප්‍රකාශ කළේය.

“ඔව්, විරාට් තම දරුවන් සහ බිරිඳ අනුෂ්කා ෂර්මා සමඟ ලන්ඩනයට යාමට සැලසුම් කර තිබේ.” ඔහු ඉන්දියාව හැර ගොස් ඉතා ඉක්මනින් ලන්ඩනයේ පදිංචියට යන බවත්, මේ වන විට, කෝලි ක්‍රිකට් වලින් තොරව ඔහුගේ පවුලේ අය සමඟ වැඩි කාලයක් ගත කරන බවත්” ශර්මා ඩයිනික් ජග්‍රන්ට පැවසීය.

මෙම යුවළට දැනටමත් ලන්ඩනයේ දේපල සතුව ඇති අතර, ඔවුන්ගේ බාලම දරුවා වන අකායි, 2024 පෙබරවාරි 15 ​​වන දින ලන්ඩනයේ උපත ලැබීමද මෙම සිදුවීම් හා සම්බන්ධ වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්ගමුව සමූපකාර ඡන්දයේ ජයග්‍රහණයත් ඒකාබද්ධ විපක්ෂයට

ගල්ගමුව විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභා නියෝජිතයින් තෝරා...

පැකේජ් 7යි, කොන්ත්‍රාත්කරුවන් 6ක් පමණයි – මධ්‍යම අධිවේගී ටෙන්ඩරයේ වංගුව පැහැදිලියි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!