ෆිච් රේටිං ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි. ණය පැහැර හැරි තත්වයෙන් ඉවතට !

Date:

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ “ණය පැහැර හැර ඇති” තත්ත්වය නිල වශයෙන්ම ඉවත් වෙනවා. ඉදිරි කාලයේදී ඉතිරි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක විසින්ද මෙවැනිම නිවේදන නිකුත් කිරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

මෙම තීරණය ගැනීමේදී මෑත කාලයේදී වාර්තා වී ඇති ශ්‍රී ලංකාවේ ඉහළ ආර්ථික වර්ධන වේගය, අඩු වී ඇති උද්ධමනය හා බැංකු වල ස්ථායීතාවය වැඩි දියුණු වීම යන කරුණු වලට අමතරව දේශපාලන ස්ථාවරත්වය සහ IMF වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා වත්මන් ආණ්ඩුවේ කැපවීමද සැලකිල්ලට ගෙන තිබෙනවා.

රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස පොලී වියදම 2021දී පැවති 67% මට්ටමේ සිට 2028 වන විට 42% මට්ටම දක්වා අඩු වනු ඇතැයි ෆිච් රේටිං ආයතනය විසින් පුරෝකථනය කර ඇතත්, මෙම නිර්ණායකය හා අදාළ CCC කාණ්ඩයේ රටවල මධ්‍යස්ථ අගය 16%ක් බව එම ආයතනය විසින් පෙන්වා දෙනවා. එබැවින්, වඩා හොඳ ණය ශ්‍රේණියක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම හා පොලී වියදම තව දුරටත් අඩු කර ගැනීම ගැන බරපතල ලෙස සිතන්නට සිදු වෙනවා.

නව වසරක් එළැඹීමට ආසන්නව තිබියදී ශ්‍රී ලංකා රජයට ලෝකය හමුවේ බංකොලොත් බවෙන් මිදී පෙනී සිටීමට හැකිවීම ශ්‍රී ලාංකිකයින්ට බෙහෙවින්ම සතුටු විය හැකි පුවතක් බව නොඅනුමානයි. එහි ගෞරවය පසුගිය වසර කිහිපය තුළ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වූ සියල්ලන්ට හිමි වෙනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...