ඉදිරි සංවර්ධන ඉලක්ක ජයගන්න ලෝක බැංකුවේ සහය!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ලෝක බැංකුවට සහාය විය හැකි ආකාරය පිළිබඳව සාකච්ජාවක් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා හා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා අතර සිදුව තිබේ.

කර්මාන්ත අමාත්‍යංශයේදී එම සාකච්ජාව පවත්වා තිබෙන අතර පසුගිය දශක 4ක කාලය තුළ මෙරට කර්මාන්තවල වර්ධනයට බාධාවක් වු ව්‍යුහාත්මක අභියෝග පිළිබඳ එහිදී අවධානය යොමුකර තිබේ.

ජාතික ඒකාබද්ධ කාර්මික සැලැස්මක් නොමැති වීම කර්මාන්තකරුවන්ට ප්‍රාග්ධනය සපයා ගැනීම සඳහා වන ප්‍රවේශයන් සීමිත වීම ආදි කරුණු රැසක් පිළිබඳ ද එහිදී සාකච්ඡා කර ඇත.

මෑත කාලීන බදු ප්‍රතිපත්ති වෙනස්වීම්වල අහිතකර බලපෑම් සහ අක්‍රීය ණය හේතුවෙන් උද්ගතවී ඇති අභියෝග වැනි ගැටලු පිළිබඳවද සාකච්ඡා කර තිබෙන අතර කාර්මික සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව සතුව ඇති උපායමාර්ගික දැක්ම හා නව රජයේ කෙටි කාලීන ඉලක්ක පිළිබඳවත් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය පිළිබඳවද චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලෝක බැංකු නියෝජිත පිරිස දැනුවත් කර ඇත.

මෙහිදී Gevorg Sargsyan මහතා ප්‍රමුඛ ලෝක බැංකු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඔවුන්ගේ සහාය ලබාදිය හැකි ක්ෂේත්‍ර පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබෙන අතර ව්‍යාපාර සූදානම් දර්ශකය (B-READY), පර්යේෂණ සඳහා තාක්ෂණික සහාය ලබාදීම සහ රාජ්‍ය ව්‍යවසාය (SOE) ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳවද නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තිබේ.

මේ අතර කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පරිවර්තනයන් සඳහා මේ වන විට ලංකාවට ලබාදීමට පොරොන්දු වී ඇති අරමුදල්වලට අමතරව ඔවුන්ගේ විශේෂඥ සහය ලබාදීමටද ලෝක බැංකු නියෝජිත පිරිස එකඟ වී ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...