වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

Date:

සටහන : සශිකලා මධුෂාණි

 දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෑතකදී වෙනිසියුලාවෙන් පිටත්ව ගිය තෙල් නවුකාවක් එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මේ මාසයේ දී එක්සත් ජනපදය එරට වෙරළට ඔබ්බෙන් තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය වන අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවට ඇතුළු වන සහ පිටවන අනුමත තෙල් නාවුකා තහනම් කරන බවට ජනාධිපති නියෝගක් කිරීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

වෙනිසියුලාව විසින් එක්සත් ජනපදය තෙල් නවුකාව අත්අඩංගුවට ගැනීම හෙළා දැක ඇති අතර එය සොරකමක් සහ පැහැර ගැනීමක් ලෙස විස්තර කර ඇත. වෙනිසියුලාව මීට පෙර එක්සත් ජනපදය තම සම්පත් සොරකම් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කර තිබේ.

වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ කාටෙල් ඩි ලොස් සෝල්ස් නම් කරන ලද ත්‍රස්තවාදී සංවිධානයකට නායකත්වය දෙන බවත්, එක්සත් ජනපදයට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සපයනු ලබන බවටත් ජනාධිපති ට්‍රම්ප් චෝදනා කරන අතර මෑත සතිවලදී, එක්සත් ජනපදය කැරිබියන් මුහුදේ සිය හමුදා පැවැත්ම ගොඩනඟමින් සිටියි.

එක්සත් ජනපදය විසින් සැකපිට වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට චෝදනා ලබන බෝට්ටුවලට මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති අතර එමඟින් පුද්ගලයින් 100 ක් පමණ මේවන විට මිය ගොස් ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...