නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW:
මේ වන විට ලංකාවේ පාසල්වල වර්ණ රාත්‍රීන්වල ඇත්ත කතාවන්වල රිඳුම්බර දේ එළියට එමින් තිබෙනවා.එහි ගොදුර බවට පත් වී තිබෙන්නේ සිරිමා බණ්ඩාරනායක බාලිකා පාසල් විදුහල්පතිණිය සුමේධා ජයවීරයි.ඇය ව වර්ණ රාත්‍රියට අමතරව වෙනත් වර්ණ ගැන්වීම් ද අදාළ කර ගනිමින් මේ වන විට ප්‍රහාරයට ලක්වීම සිඳුවෙමින් තිබෙනවා.මේ සියල්ල සිඳු කරන්නේ සිරිමාව බිහි කළ සිරිමාවට පමණක් නොව රටටම ජාත්‍යන්තර වටිනාකම් දිනා දුන් චනිත්මා සිනලි යි.ඇය ඇයට සිඳු වූ බව කියන අසාධාරණය ගැන සම්මාන වේදිකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීම මට අනුව නම් ඇයට තවත් සම්මානයක් දිය යුතු වැඩක්.සම්ප්‍රදායානුකූලව ගුරු – ගෝල නැත්නම් පාසල් මාතාවගේ ගෞරවය වැනි ඉතා පටු ඉඩ තියෙන තැන් සිට නොබලන්නේ නම් ඇය තමයි සිරිමාව නිර්මාණය කළ නිර්භීතම සහ සටන්කාමීම ක්‍රීඩා පෞරුෂය.ඕනෑම තත්ත්වයක තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කරන්න සහ ඔරොත්තු දෙන්න ඇයට තිබෙන හැකියාව සිරිමාව ක්‍රීඩාවෙන් ඇයට ලබා දුන් පන්නරය නොවේනම් සහ ඒ පෞරුෂය ගැන නොසළකා හරින්නේනම් අපට සිතෙන හැටියට එය සිරිමාවේ අභිමානය ගැන සිරිමාවියන් විසින් නොසළකා හැරීමක්.
අප මේ කාරණය කතාබහ කළ යුතුයි කියා සිතන්නේම මේ සිරිමා සිඳුවීම හැම තැනම සිඳුවන නිසයි.කොළඹ ප්‍රදාන පාසල්වල මෙන්ම පිට පළාත් ප්‍රදාන පාසල්වලත් කුමන හෝ හේතුවක් නිසා සිය වර්ණ රාත්‍රිය වෙනුවෙන් සම්මානලාභි දරු – දැරියනට රිහසල් වෙනුවෙන් දරන්න වෙන වෙහෙස සුළුවෙන් සිතන්න බැහැ.සමහර විට මේ තත්ත්වයට හමුදා වර්ණ රාත්‍රීන්වල ආභාෂය ලැබී තිබෙනවා වෙන්න පුළුවන්.ඒවා සඳහා ද පුදුම රිහසල් තොගයක් කරන බව දන්නා කරුණක්.

ඒවා වුවත් ප්‍රමාණය වැඩියි.ක්‍රීඩා කරන අයට පුහුණුවට තිබෙන කාලය විනාශ කරන අවස්ථා ඒ තැන්වලත් එමටයි.එහෙත් එහිදී සැළකිය යුතු අවධානයක් දිය යුතුව තිබෙනවා.ඒ ආචාර කිරීම සම්බන්ධයෙන්.දැන් හමුදා ක්‍රීඩකයින් හැටියට සංචිතවල සිටින අය හමුදා සේවයේ ආචාර කරන හැටි හෝ නොදන්නා අය විය හැකියි.ඔවුන්ගේ වගකීම හමුදාවේ සහ තමන් නියෝජනය කරණ කාණ්ඩයේ හෝ රෙජිමේන්තුවේ හෝ කීර්ති නාමය වෙනුවෙන් ක්‍රීඩා දස්කම්වලින් දායක වීමයි.ඒ නිසා හමුදාමය හැසිරීම ඔහු තුළින් සම්මානනීය වේදිකාවේ ප්‍රදර්ශනය කිරීමට ඒ පුහුණුව යොදා ගන්නවා.එයත් තව දුරටත් අඩු විය යුතු බව අදහසයි.
මේ වර්ණ රාත්‍රියකදී සිඳුවන්නේ කුමක්ද?

වර්ණ ගන්වන්නන්ට ගෞරවයක් දීමයි.එම ගෞරවය දීම සඳහා මේ වර්ණ ගැන්වීම් කරන උත්සවයට තවත් විශේෂාංගත් ඇතුළත් වෙනවා.නර්තන අංග,ගායන සහ වාදන ඇතැම් විට නාට්‍යමය ජවනිකා ලෙස විවිධ ආකාරයට භාහිර සහ අභ්‍යන්තර ලෙස යොදා ගන්නා ප්‍රාසාංගික ඉසව්වලින් මෙවැනි උළෙලවල් අලංකාර කිරීම සාමාන්‍ය තත්ත්වයක්.මේ භාහිර ලෙස ඇතුළත් වෙන උළෙල අලංකාර කරන්නට යොදවන අංග නිතරම පුහුණු වී උළෙල සමඟ සම්බන්ධ වී උළෙලේ හැඩය ඔප නැංවීම මෙන්ම සම්මානලාභියාගේ ගෞරවය පුළුල් කිරීමද සිඳු කරනවා.එයට කාලයක් අවශ්‍යය වෙන අතර අදාළ අලංකරණය සඳහා නිරන්තර පුහුණුවද එහිදී සැළකිල්ලට යොමු කළ යුතුව තිබෙනවා.
ඒ හැරෙන්නට සැළකිල්ල දැක්විය යුතු කාරණා අතරට කාල කළමණාකරනය ගැන අදහසක් තිබෙනවා.සම්මානලාභියාට වේදිකාවට ගොඩවී නැවත බැස යාමට ගත වන කාලය.මේ ගැන සම්මානලාභියා නොවුණ ද වෙන අයෙකු යොදවා සකසා ගත හැකි අතර උත්සාවය දවසේ තමන්ට හිමි අසුන ගැන සහ සම්මාන ලබා ගැනීමට වේදිකාවට ගොඩ වීමේ අනු පිළිවෙල මෙහෙයවීම ද පෙර සූදානමක් සහිතව කළ හැකි දේවල් වෙනවා.
පාසල් මට්ටමෙන් ගත් විට ජාතික පාසල් වර්ණ ප්රදානෝත්සවය වෙනුවෙන් ඉහත කී ආසන පිළිවෙල සහ පේළි ගැසීම සකසා තිබෙනවා හැර ලංකාවේ සතර අතින් ගෙනෙන දරුවන් දින ගණන් පුහුණු කරවන්නේ නැහැ.ඒත් ඒ ඉසව්වට ඇතුළත් වෙන ප්‍රාසාංගික ඉසව් විශාල වශයෙන් පුහුණු කර අවස්ථාවට ගැලපෙන ලෙස නිසි පරිදි යොදා තිබෙනවා.එසේම ලෝක මට්ටමේ මේ මෑතක නිමාව දුටු ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ සම්මාන රාත්රියද මේ ආකාරයටම ඔබට නරඹා තේරුම් ගත හැකියි.
ඒත් ලංකාවේ සිරිමාවන්ට සීමා නොවුණ ඇත්ත වර්ණ රාත්‍රීන්වල වර්ණ ගන්වන්නන් විශාල රිහසල් ගණනකට සහභාගි කරවීම සාමාන්‍ය සිඳුවීමක්.මේක දක්ෂයන්ට වද දී හැඩ ගැන්වීම වගෙ වැඩක්.එසේම මේ වර්ණ ගැන්වීම් සිඳුවන ඇගයෙන ආකාරය සම්බන්ධයෙන් පොදු ප්‍රමිතියක් නැහැ.ඒවා අධ්‍යාපන අමාත්‍යංශය අනුමත කරන ලද ජාතික ප්‍රතිපත්තියක් අනුව සිඳුවන්නේ නැහැ.
මේ වන විට සිරිමාව තමන් ක්‍රීඩාවෙන් සකස් කරන ලද හොඳම ක්‍රීඩා පෞරුෂයක් ලෙස සිය අනන්‍යතාවය තහවුරු කර සිටින චනිත්මා එසේ නොවන බව කියන්න අකීකරු,අශීලාචාර සහ පාසලේ ගෞරවය නොසැළකූ බව කියන්නට තොරතුරු සමාජගත කරමින් සිටිනවා.මේ එහිදී ඔවුන්,සම්මානයට සුදුසුකම් ලබන නිර්නායකයන් පහත ආකාරයට දක්වා තිබෙනවා.

- සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි ඉසව්වකින් ලබා තිබීම සහ
- සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම සහ
- ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම සහ
- සමස්ත ලංකා වාර්තාවක් සමඟ ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ
- ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම.
මේ දැක්විම තුළ ඔවුන් සංසන්දනය කරන්නට උත්සාහ කරන්නේ පිහිණුම් සහ ස්කොෂ් ක්‍රීඩාවන් සම්බන්ධ කර සංසන්දනය කර අවසානයේ සම්මානය ලද පිහිණුම් ක්‍රීඩිකාව ඉහළින් තැබීමට උත්සාහ දැරීමයි.( අප එම ක්‍රීඩිකාවගේ නමවත් සඳහන් නොකරන්නේ ඉතාම පහත් වැඩකින් ගොඩ යන්නට ගුරු පරපුරට ද නින්දා කරමින් කටයුතු කරන ගුරුවරු ඉතා ඉහළ ක්‍රීඩා පෞරුෂයක් විනාශ කරන්නට එවැනිම අනාගතයක් ඇති ක්‍රීඩිකාවක පළිහක් කර ගැනීමට කරන උත්සාහයට විරෝධය දැක්වීමටයි.)
මේවා සිඳුවන්නේ කෙසේද?
අප උදාහරණයකට පාසල් නෙට්බෝල් ක්‍රීඩාව කෙරෙහි විශේෂ ඇල්මක් දක්වන ක්‍රීඩා ප්‍රදානියෙක් සිටින බව උදාහරණයකට ගනිමු.එසේත් නැතිනම් මේ අදහස අවසන් වන විට කියවන්නාට පහසු ලෙස තමන්ට අදාළ උදාහරණයක් ගත හැකියි.එවැනි තැන්වලදී එම කැමත්ත මත දක්ෂතම ක්‍රීඩකයා ලෙස වර්ණ ගැන්වීමට එම ක්‍රීඩාව පදනම් කරගෙන කෙනෙක් තෝරා ගැනීමට කළ හැකි දේ මොනවාද?අවසානයේ සමහර විට පාසලේ ක්‍රීඩා ප්‍රධානියා කැමති හෝ ඇය පුහුණුකරන හෝ නියැළුණ ක්‍රීඩාව,එසේත් නැතිනම් පාසලේ ප්‍රධානියාගේ රුචියට අදාළ ක්‍රීඩාව හෝ වෙනත් පුහුණුකරුවෙක් පාසල් කළමණාකරනයේ කැමත්ත වැනි කාරණාවලට අදාළ ක්‍රීඩාවක ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් මෙවැනි උළෙලවලට අනුව දීප්තිමත්ම තරුව වීම සාමාන්‍ය තත්ත්වයකි.
ඉහත කාරණාවන්ට උදාහරණ ලෙස මෙන්න මේ නිර්නායකයන් යොදා ගන්න.- ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම සහ
- සමස්ත ලංකා වාර්තාවක් සමඟ ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම
පිහිණුම් සහ ස්කොෂ් ක්‍රීඩා දෙකටම සහභාගි වීම අසිරුයි.ඊට අවශ්‍යය බිම් නැහැ.ඒත් ලංකාවෙ බොහෝ තැන්වල මේ වන විට සෞඛ්‍යමය කාරණාවන් පදනම් කරගෙන පිහිණුම් සිඳුවෙන නිසා පිහිණුම් තටාගයක් නැති වුව ද මේ වන විට පාසල්වලින් පිහිණුම් ක්‍රීඩාවට ඉදිරිපත් වෙනවා.තවත් ආකාරයකට ගතහොත් ස්කොෂ් සඳහා අවශ්‍යය යටිතල පහසුකම් තවම ව්‍යාප්ත වී නැහැ.මේ ක්‍රීඩා දෙක ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම ගත් විට පිහිණුම් කියන්නෙ ඉතාමත් පැරණි පරිපාලනයක් සහිත ක්‍රීඩාවක්.ස්කොෂ් සහ පිහිණුම් යන ක්‍රීඩාවල දක්ෂතා මැනීම සඳහා ව්‍යාප්තිය වැනි කරුණු නොසළකා වැඩි පාසල් ප්‍රමාණයක් යන්න යෙදීමම වැරදියි.
ඒ නිසා මේ නිර්නායකයන්ම වැරදියි.සිරිමාවන්ට ඇත්තටම අවශ්‍යය නැද්ද ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීමක තමන් කරන ක්‍රීඩාවෙන් ඉන්න ක්‍රීඩිකාවකට මේ සම්මානය දෙන්න කියලා අපි ඇහැව්වොත්……
චනිත්මා දැනට සිටින්නේ කාන්තා කේවල ඉසව්වේ 238 වන තැන.මේ මොහොතේ ඇය ආසන්න කාලයේ ජාත්‍යන්තර වශයෙන් දක්වන ලද දක්ෂතා අනුව ස්ථාන 24 ක ප්‍රගතියක් ද පෙන්වා තිබෙනවා.මේ ලකුණු දීම තුළ ඒ සඳහා ඇයට ප්‍රසාද ලකුණු ලබන්නට තියෙන ඉඩක් නැහැ.එම ශ්‍රේණිගත කිරීමට ඇය එන්නෙ තරගාවලි 4 ක් පමණක් නියෝජනය කරමින්.ඊට වඩා ජාත්‍යන්තර තරග අවස්ථා ගණනාවක් නියෝජනය කරපු ක්‍රීඩිකාවන් සිටින්නේ ඇයට වඩා පහළින්.රටේ දුප්පත්කම නොවන්නට මේ ආකාරයෙන් ගත්තත් චනිත්මා ලෝකයේ ඉදිරියෙන් සිටින ක්‍රීඩිකාවක් වෙන බව සහතිකයි.
ඒ නිසා සිරිමාවියන් අතර ඉහළම තරුව වන්නට චනිත්මාට ඇති සුදුසුකම් නොසළකා හැර ඇති බවට එම තරුව තේරීමේ නිර්නායක මඟින්ම නැවත නැවතත් සිරිමාවෝ බාලිකා පාසලම ඔප්පු කරමින් සිටිනවා.එවැනි තත්ත්වයක ඇතැම් සම්ප්‍රදායික ඔළුවලින් විනය ගැන,ගුරු ගෞරවය ගැන ලස්සන ලස්සන රචනා ලියමින් චනිත්මාව යට කර දමන්නට උත්සාහ කරමින් සිටිනවා.ඒත් චනිත්මා අපට අනුවනම් සරලම වචනයෙන් විග්රහ කරද්දී ද පට්ට කෙල්ලෙක් බව කිව යුතුය.ඒ නිර්භීතකම,සටන් කිරීම මෙන්ම අපේක්ෂිත සාධාරණත්වය තැන කොතැන වුව ද ඉල්ලා සිටීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට ඇති හැකියාව ඇයට ලබා දී ඇත්තේ සිරිමාව තුළ ප්‍රගුණ කළ ක්රීඩාවනම් ඇයගේ නමට සිරිමාවෙන් නිර්මාණය වූ හොඳම ක්‍රීඩා පෞරුෂය ලෙස සම්මානයක් දෙන්න වටින බව අපි යළි යළිත් කියමු.
නිවැරදි දේ වෙනුවෙන් සටන් කරන්නට සාධාරණය අනුව ජය ගන්නට අලුත් අලුත් තාක්ෂණික සංකල්ප මත ක්‍රීඩාවේ තීරණ තීරණය වෙමින් ඇති ලෝකයක චනිත්මා ඒ අලුත්වීම තුළ රැඳෙමින් මැඩම්ලා කියන හැටියක් තමයි කියා ඉවසා නොසිටීමම අපටනම් ඇය ගරු කළ යුතු තරුණියකි.එහෙත් මේ ඛේදණිය තතත්වය සිරිමාවට පමණක් සීමා නොවන සිරිමාවේ විදුහල්පතිණිය පමණක් කරන දෙයක් ද නොවන්නේය.තව දුරටත් මෙවැනි ගැටළු ඇතිවීම වැළක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය පාසල් වර්ණ රාත්‍රීන්වලදී කිසිවෙකුට අසාධාරණයක් නොවනාකාරයේ මාර්ගෝපදේශනයක් ලබා දිය යුතුය.