ගැබිණි කත කළ අමුතු ජාවාරම!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW :

වෙන්නප්පුව පොලීස් නිලධාරීන් විසින්, ගැබිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ, නීති විරෝධී මත්පැන් පැකට් කර දුර ගමන් සේවා බස් රථ සේවකයින් සඳහා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වීමේ කටයුත්තක් හේතුවෙනි.

ඊයේ (20) දිනයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටින අවුරුදු 19ක කාන්තාවක් වන අතර සැකකාරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකාරිය සිය සැමියා සමඟ මත්පැන් පැකට් කරමින් සිට ඇති අතර ඇය සතුව තිබී කසිප්පු බෝතල් 96ක් ද පොලිස් බාරයට ගෙන ඇති අතර, ගැබිනි කාන්තාවක් දුර ගමන් සේවා බස් රථ සේවකයින්ට මත්පැන් පැකට් අලෙවි කරන බවට පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇය සතුව තිබී පොලිස් බාරයට ගත් කසිප්පු තොගය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

නොසලකිල්ල නිසා මිලින වූ මල් කැකුළ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ජලය පිරී තිබූ...