ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (21) අළුයම දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට කිලෝමීටර් 40ක් (සැතපුම් 25ක්) නිරිත දෙසින් පිහිටි රන් කැණීම් ප්‍රදේශයක පිහිටි බෙකර්ස්ඩල් නගරයේ තැබෑරුමේදී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙන අතර, පොලිසිය පවසන්නේ, මේ මාසයේ දකුණු අප්‍රිකාවේ සිදු වූ දෙවන වෙඩි තැබීම මෙය බව යි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.දකුණු අප්‍රිකාව ලෝකයේ ඉහළම මිනීමැරුම් අනුපාතවලින් එකක් වන අතර, පොලිස් දත්ත වලට අනුව, අප්‍රේල් සහ සැප්තැම්බර් අතර කාලය තුළ දිනකට සාමාන්‍යයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් තිබෙන බව පැවසේ.

එයින් වැඩි ප්‍රමාණයක් සංවිධානාත්මක ජාල සහ කල්ලි මගින් මෙහෙයවනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තවත් ඉහළ පෙළේ ඝාතනයකදී, නාගරික පොලිස් ප්‍රධානියෙකුට එරෙහිව සාක්ෂි දී සති කිහිපයකට පසු, දෙසැම්බර් 5 වන දින දූෂණ විමර්ශනයක සාක්ෂිකරුවෙකු ඔහුගේ පවුලේ අය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කර තිබෙන බව පැවසේ.

මෑත මාසවල සිදු වූ දරුණුතම සමූහ වෙඩි තැබීමකින් එකක් වූ 2024 සැප්තැම්බර් මාසයේදී නැගෙනහිර කේප් පළාතේ ග්‍රාමීය නිවසක දී ඥාතීන් 18 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලද බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...