පොදු ක්‍රමවේදයක් ඔස්සේ සියළුම කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් ක්‍රමානුකූලව සිදු කිරීමට කටයුතු කරනවා.” – බන්දුල කියයි..

Date:

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය මගින් සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිවලට දායක වූ කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී කොන්ත්‍රාත් සමාගම් සඳහා මුදල් ගෙවීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීම සහ ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සිදුකෙරිණි.

ඒ අනුව රට තුළ පවතින වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් කොන්ත්‍රාත් සමාගම් පත්ව ඇති අපහසුතාවයන් පිළිබඳව ද සැලකිල්ල යොමු කරමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි මුදල් අමාත්‍යංශය සහ මහා භාණ්ඩාගාරයේ එක්ව රජයේ පිළිගත් බැඳුම්කර නිකුත් කිරීමක් මගින් කොන්ත්‍රාත් සමාගම් වලට ගෙවිය යුතු මුදල් ක්‍රමානුකූලව කොටස් වශයෙන් ගෙවීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කොට තිබේ.

ඒ අනුව විවිධ සමාගම් විසින් සිදුකොට ඇති ඉදිකිරීම් වලට අදාළව ගෙවිය යුතු බිල්පත්වල කල්ගත වීමේ ප්‍රමුඛතාවය අනුව එම බිල්පත් වටිනාකමට අදාලව ඉන් කොටසක් වසරකින්, වසර දෙකකින් හෝ වසර 3 කින් කල් පිරෙන බැඳුම්කර මගින් අදාල මුදල් ගෙවීමට අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ පිළිබඳ කොන්ත්‍රාත් සමාගම් වල එකඟතාවය සහිතව නිකුත් කරන භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාල වටිනාකම සහ වසරකට 22.50% පොලී අනුපාතයක් සහ කල්පිරෙන කාලයට අනුව එදිනට මුහුණත වටිනාකම රාජ්‍ය බැංකු මඟින් අදාල බැඳුම්කර වෙනුවෙන් ලබා ගැනීමේ විශේෂ අවස්ථාවක් අදාළ ඉදිකිරීම් සමාගම් වලට හිමි වෙයි.

මේ පිළිබඳව ඉදිකිරීම් කොන්ත්‍රාත් සිදු කළ සමාගම් වල නියෝජිතයින්ගේද එකඟතාවය පරිදි ඉල්ලීම සිදු කර දින කිහිපයක් ඇතුළත මෙම බැඳුම්කර අදාළ සමාගම්වලට නිකුත් කිරීමට මහා භාණ්ඩාගාරය කටයුතු කරනු ඇත.මෙම ගෙවීම් සිදු කිරීමේදී කිසිදු දේශපාලන විශේෂත්වයකින් තොර ව පොදු ක්‍රමවේදයක් ඔස්සේ විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් අමාත්‍යංශ කටයුතු කරන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අවස්ථාවේදී ප්‍රකාශ කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයලොග් ඇරඹුමට කොළඹින් කණ්ඩායම් 40

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ශ්‍රි ලංකා වොලිබෝල් සම්මේලනය...

අපේ කරුමයට හේතුව ගණිතය නොදන්නා එවුන් රට පාලනය කිරීමයි – ඩඩ්ලි සිරිසේන

මේ රට මේ තත්වයට අද පත්ව ඇත්තේ ගණිතය නොදන්නා...

අද 10 ට රට වටේම ක්‍රිකට්

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික ගමණ...

Cop30 සමුළුවට පෙර දේශගුණික සැලසුම් ඉදිරිපත් කරන ලෙස බ්‍රසීලය සාමාජික රටවල්වලින් අවසාන වශයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එළඹෙන නොවැම්බර් මාසයේ...