*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

අනාගත අභියෝග

දකුණු අප්‍රිකාවට සාමය උදා කළ නෙල්සන් මැන්ඩෙලා වරක් කියා සිටියේ සාමය යනු දීර්ඝ පා ගමනක් බවය. එහි ඇදවැටීම් තිබිය හැකිය. වැරදීම් තිබිය හැකිය. පරාජයන් තිබිය හැකිය. 

එහෙත් නිර්භීත නායකයා සියලු අභියෝග භාර ගනිමින් ඉලක්කය කරා යා යුතු බව මැන්ඩෙලා සිය ජීවිතයෙන්ම සනාථ කර පෙන්වීය. ඔහු වසර ගණන් සිරගත කර සිටිය ද, ඔහුගේ හඬ සමාජය පුරා දෝංකාර දුන්නේය. අවසන් ලෙස ඔහු සටන ජය ගත්තේය. අභියෝග නැති තැනක් කොතැනකවත් නැත. බාධක නැති තැනක් කොතැනකවත් නැත. කළ යුත්තේ ඒවාට නොබියව මුහුණ දෙමින් නිවැරැදි තීන්දු තීරණ ගැනීමය.

අපේ හරිත කෘෂිකර්මය පිළිබඳ ප්‍රතිපත්තිය හා වැඩසටහන ලෝකයේ බොහෝ නායකයන්ගේ හා සංවිධානවල ඇගයීමට ලක්වුව ද දේශීය වශයෙන් ඊට දැඩි විවේචන එල්ලවෙයි. ඇතැම් දේශපාලන කණ්ඩායම් එය පරාජය කිරීම සඳහා එළිපිටම වැඩ කරති. ආණ්ඩුවේම සමහරු ද එය විවේචනය කරති. කාබනික පොහොර සමඟ සාර්ථකව වගා කටයුතු කරන ගොවීහු පිරිසක් සිටිති. ඔව්හු නිහඬවම තම කාර්යයෙහි යෙදෙති. එහෙත් තවත් පිරිසක් විරෝධතා දක්වමින් වගා කටයුතුවලින් ඉවත්වී සිටිති. හරිත කෘෂිකර්මය සඳහා රට පුරාම සාමූහික ප්‍රයත්නයක් ක්‍රියාත්මක වූයේ නම්, මේ වන විට ද අප සාර්ථකත්වය කරා ළඟාවී සිටින්නට ඉඩ තිබිණි. එහෙත් දේශපාලන බාධා කිරීම් නිසා වැඩසටහන මන්දගාමී වී තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන සාර්ථකත්වයට හොඳම නිදසුන කොවිඩ් පාලනයයි. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක කමිටුවක් හා ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ඇති කිරීම පළමුව විවේචනයට ලක් විය. කොවිඩ් පාලනය සඳහා හමුදාව යොදා ගැනීම සම්බන්ධයෙන් දෙවනුව විවේචන ඇති විය. ප්‍රතිශක්තිකරණ එන්නත් ගෙන්වීම ගැන ඊළඟට විවේචන එල්ල විය. රට වසා තබන විට රට විවෘත කරන්නැ’යි විපක්ෂය උද්ඝෝෂණ කළේය. රට විවෘත කරන විට කොවිඩ් බෝ කරනවා යැයි විවේචන එල්ල විය. එහෙත් ජනාධිපතිවරයා හෝ කොවිඩ් පාලන කමිටුව හෝ ඒවා සැලැකිල්ලට ගත්තේ නැත. අවශ්‍ය අවස්ථාවේ නිවැරැදි තීන්දු ගනිමින් වැඩසටහන ක්‍රියාත්මක විය. අද වන විට කොවිඩ් පාලනය අතින් සාර්ථක රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීමට ලක් වී ඇත.

ලෝකයේ අනාගතය බලවත් රටවල නායකයන් අත රැඳී පවතින අතර, රටක අනාගතය එම රටේ නායකයන්ගේ තීන්දු තීරණ මත රැ‍ඳී පවතී. නායකයා කළ යුත්තේ ජනප්‍රිය තීන්දු තීරණ ගනිමින් ජනතාව තාවකාලික ලෙස තෘප්තිමත් කිරීම නොවේ. නායකයා රටේ අනාගතය ගැන අවධානයකින් පසු විය යුතුය. ඔහු අනාගත අභියෝග හඳුනාගෙන ක්‍රියා කරන්නකු විය යුතුය. එබඳු නායකයන්ට ජනප්‍රිය නොවන තීන්දු ගැනීමට සිදුවේ. එවිට ජනතාව කෝපයට පත්වී විරෝධතා දක්වන්නටත් පුළුවන. එහෙත් ඒවා තාවකාලිකය. නායකයා නිවැරැදි තීන්දු තීරණ ගෙන තිබේ නම්, කෙටි කාලයක් තුළ මහජනයා ඒවා වටහා ගනු ඇත.

#ඇත්ත Facebook
Sponsored Articles

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan