පරාටේ නීතිය මහා ව්‍යසනයක් වී අවසන්. දැන්වත් එය නතර කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ බංකොලොත්භාවය යන ව්‍යසන 03කට මුහුණ දුන් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ දේපල, ව්‍යාපාර සහ සම්පත් අධිකරණයේ මැදිහත් වීමකින් තොරව පරාටේ නීතිය හරහා ක්ෂණික වෙන්දේසියකට ලක්ව ඇති බවත් මේ නිසා කර්මාන්තකරුවන් පීඩනයකට, අසරණභාවයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතකදී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ මේ පරාටේ නීතියේ පරාසය 3 වැනි පරාසයක් දක්වා පුළුල් වී ඇති බවත් මේ තත්ත්වය තුල අන්ත අසරණ භාවයට ආර්ථික සමාජීය පරිහානියකට කර්මාන්ත ක්ෂේත්‍රය පත්ව ඇති බවත් ඒ නිසා දේපල වෙන්දේසිය ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පරාටේ නීතියෙන් අගතියට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එබැවින් රජය මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බවත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දළ දේශීය නිෂ්පාදිතයට සියයට 50කට වැඩි දායකත්වයක් ලබා දෙන බවත් මේ කර්මාන්ත කඩා වැටුණහොත් ආර්ථිකය වර්ධනය වෙනවා නොව සංකෝචනයක් සිදු වන බවත් ඒ හේතුවෙන් උද්ධමනය ඉහළ යාම, විරැකියාව ඉහළ යාම, බුද්ධි ගලනය ඉහළ යාම මෙන්ම රජයේ බදු ආදායම පහළ යාමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජය මැදිහත් වී බැංකු පද්ධතියේ ස්ථායිකරණයට සෘණාත්මක බලපෑමක් සිදු නොවන ආකාරයට මේ ගැන මැදිහත් වී බැංකු ස්ථායිකරණයට වෙනමම අරමුදලක් ඇති කිරීම සහ පරාටේ නිතිය තාවකාලිකව ක්‍රියාත්මක වීම අත්හිටුවීමට මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එසේ ම මෙවැනි අරමුදලක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහයෝගය ලබා ගත යුතු බවත් එම ආයතනවලට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රජයට හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකයන් රාජ්‍ය බැංකුවලින් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ගෙන පසුව එම ණය පැහැර හැරීමත් සමඟ එම ණය ගිවිසුම් ඔවුන්ට වාසිදායක ලෙස සංශෝධනය කර ඇති බවත් එවන් ණය ගත් පුද්ගලයන්ට එක සැලකිල්ලකුත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙනමම සැලකිල්ලකුත් දැක්වීම ගැන කණගාටුවට පත්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් ලෙස නොමැකෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “Giorgio Armani” නික්ම යයි!

සටහන – පුලී සැප්තැම්බර් 04, කොළඹ (LNW): ඉතාලි විලාසිතා පුරාවෘත්තයක් වන...

පැරිසියේදී සෙලෙන්ස්කි සහ බටහිර නායකයින් අතර සාකච්ඡා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):රුසියාව සමඟ සාම...

යක්කල ප්‍රහාරය : පෙරටුගාමීන් දැන් අවබෝධ කරගත යුතු දේ ….

යක්කලදි පෙරටුගාමීන්ට එල්ල උන ප්‍රහාරය සම්බන්දයෙන් ආන්ඩුවට විරුද්ධ පිරිස...

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවේ. 06ක් සිසුවියන්!

කොළඹ LNW:නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන්...