දෙසැම්බර් මාසයෙහි සිකුරා ලැබූ ශ්‍රී ලංකාව!

Date:

සටහන – නිපුනි ලියනගේ

කොළඹ (LNW):
දෙසැම්බර් මාසය තුළ මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 780ක් පමණ ලැබීමත් සමඟ 2023 අවසන් වන විට දළ නිල සංචිත ඩොලර් බිලියන 4 දක්වා ඉහළ නැංවීමට රජය ඊයේ විශ්වාසය පළ කරන ලදී.

චීනයේ මහජන බැංකුවෙන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4 කට සමාන හුවමාරු පහසුකමක් ලබා ගැනීම ඇතුළුව රට විවිධ මුල පිරීම් මේ වන විට ගෙන ඇත.

මීට අමතරව, Covid වසර තුළදී පහත වැටුණු විදේශ විනිමය ආදායමේ තවත් ප්‍රධාන මූලාශ්‍රයක් වන සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම සක්‍රීයව ප්‍රවර්ධනය කරමින්, විධිමත් නාලිකා හරහා මුදල් සම්ප්‍රේෂණය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ පළමු සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව, EFF යටතේ රජයට දෙවන වාරිකය 2023 දෙසැම්බර් 14 වන දින ලැබුණු අතර, එය ඩොලර් මිලියන 337ක් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන් අනතුරුව, බහුපාර්ශ්වික සංවර්ධන බැංකු කිහිපයක් වන ආසියානු සංවර්ධන බැංකුව (ADB) 2023 දෙසැම්බර් 15 වන දින මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා ඩොලර් මිලියන 200ක් ලබා දුන් අතර ලෝක බැංකුව විසින් 2023 දෙසැම්බර් 20 වන දින ශ්‍රී ලංකා ප්‍රත්‍යස්ථතාව, ස්ථාවරත්වය සහ ආර්ථික හැරවුම් (RESET) සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම (DPO) යටතේ ඩොලර් මිලියන 250 ක දෙවන වාරිකය ද නිකුත් කරන ලදී.

මේ අනුව, 2023 දෙසැම්බර් මාසය තුළ රජයට ඩොලර් මිලියන 780කට අධික විදේශ විනිමය ගලා ඒමක් ලැබී ඇති බවත්, එවැනි ගලා ඒම අයවැය සහය තවදුරටත් ශක්තිමත් කරන අතර ඉදිරි කාලසීමාව තුළ රජයේ දල මූල්‍ය අවශ්‍යතා සපුරාලනු ඇති බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...