*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඉමියුනොග්ලොබියුලීන් ගණුදෙනුව ගැන ඇමැතිත් දන්නවා.එයාට හොරෙන් එහෙම ගණුදෙනුවක් කරන්න බැහැ!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයට අදාළව රුපියල් මිලියන 1000කට ආසන්න ගණුදෙනුවක් සිදුව ඇති බවට මේ වන විට අත්අඩංගුවේ පසුවන නිලධාරීන් පවසා ඇති බවත් එය එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත සිදුකළ ක්‍රියාවක් බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කෙසේවෙතත් එවැනි ගණුදෙනුවක් කළ හැක්කේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතියෙන් බවයි ජයතිස්ස මහතා සඳහන් කරන්නේ.

වසංගත තත්වයකදී හෝ මරණ සංඛ්‍යාව වැඩිවන අවස්ථාවන්වලදී ඉක්මණින් ඖෂධ ගෙන්වා ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් නීත්‍යානුකූලව වෙන්වුණු අවස්ථාවක් වන හදිසි මිලදී ගැනීම් එලෙස මෙම පාලකයින් අවභාවිතා කර තිබෙන බවයි නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ.

මේ මොහොත වන විට ප්‍රශ්න ගතව ඇති ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ඒකක 22,500 රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් පසුගිය ජූලි සිට සැප්තැම්බර් අතරතුර මිලදී ගෙන රජයේ රෝහල්වලට ලබාදී ඇති අතර ඒ ඖෂධය ලබාදුන් රෝගීන්ගෙන් සංකූලතා වාර්තා වූ බව රෝහල් කිහිපයකින් අමාත්‍යාංශයට දන්වා තිබුණු බවද ඔහු කියාසිටියි.

”විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහල, මහනුවර සහ මාතලේ රෝහල්වලින් එම වාර්තා ලබාදී තිබුණා. ඉන් අනතුරුව සිදුකළ පරීක්ෂාවල දී එය තත්වයෙන් බාල බව සොයාගත්තා. පරීක්ෂණාගාර කිහිපයකම කළ පරීක්ෂාවලින් මේ ඖෂධය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් හෙළිවී තිබෙනවා. මේ ඖෂධය තුළ අවම වශයෙන් හෝ ඉමියුනොග්ලොබියුලීන් නැති බව, මේ තුළ බැක්ටීරියා ඇතුළු අහිතකර ද්‍රව්‍ය තිබෙන බව වගේම තවත් කරුණු කිහිපයක් හෙළිවී තිබුණා. ඒවා මිලදී ගැනීමේදී විශාල දූෂණ ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.

එම ඖෂධය ඉන්දියාවේ නිෂ්පාදනය කළේ යැයි කියන සමාගමක් හෝ නැති බව සොයාගෙන තිබෙනවා. ගුජරාට් සමාගම බව කියන ලේබලයක් ලංකාවේ එක්තරා සමාගමක් විසින් නිෂ්පාදනය කළ දේවල්වලට යොදාගෙන ඇති බව හෙළිවී තිබෙනවා. ගුජරාටයේ සමාගම ප්‍රකාශ කරනවා ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය නිෂ්පාදනය නොකරන බවත් අපනයනය නොකරන බවත්. මෙම ඖෂධය නිෂ්පාදනය කළ ස්ථානයක් දැන් සොයා ගැනීමටත් නැහැ.

පසුගිය ආර්ථික අපහසුතා ඇති වූ අවස්ථාවේ ඉන්දියාව විසින් අපට ආහාර සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ණය පහසුකම ලබාදුන්නා. එම ණය පහසුකමට මුවාවෙලා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් පැත්තකට දාලා ඉන්දියානු සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු වුණා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායකගේ අත්සනින් පමණක් ඉන්දියන් ණය පහසුකමෙන් ඉන්දියානු ඖෂධ මිලදී ගැනීමට අවස්ථාවක් හදා දුන්නා. එසේ ගෙනෙන ලද ඖෂධවල බරපතල ප්‍රශ්න තිබෙනවා. ඒ නිසාම තමයි, ඇස් අන්ධවීම්, බෙහෙත් නිසා මියයෑම් සිදුවුණේ. මේ ක්‍රියාවලිය ඇමතිවරයාගේ අනුමැතියකින් තොරව ඩොලර් බිලියන තුනකට ආසන්න ගනුදෙනුවක් කිසිසේත් සිදුකළ නොහැකියි” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan