කොළඹ කණිෂ්ඨ බැඩිමින්ටන් සංචිත පිහිටුවීමේ උත්සවයේ මුල් තැන දිලිත් ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): රට වටා ප්‍රාදේශීය බැඩ්මින්ටන් කණිෂ්ඨ සංචිත පිහිටුවීමේ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙනුවෙන් එම කටයුතු මෙහෙයවිම සහ අධීක්ෂණය පැවරී ඇති උප සභාපති රොෂාන් ගුණවර්ධන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කණිෂ්ඨ බැඩිමින්ටන් සංචිත තෝරා ගැනිම සිදු වුණා.එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරු දිලිත් ජයවීර එක් වී සිටියා.එසේම හිටපු බැඩිමින්ටන් සභාපතිවරයෙක් වන අමන්ද වීරසිංහ ද මේ අවස්ථාවට සහභාගි වුණෘ.


එහිදී මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල පදනම් කරගෙන පැවති කොළම දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කළාපවලට අයත් දක්ෂයන්ට අවස්ථාව ලබා දෙමින් මෛ සංචිත නිර්මාණය වන අතර එහිදී සූරතා,අනු සූරතා මෙන්ම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන තෙක් ඉහළ දක්ෂතා දැක් වූ අය ද ඇතුළත් වන ආකාරයට 16 දෙනෙක් මේ සංචිත සඳහා ඇතුළත් කර ගෙන තිබෙනවා.එසේම ඉකතු වසරේ ජාතික කණිෂ්ඨ සූරතාවලියේ අවුරුදු 13 න් පහළ සූරතාවය දිනූ 8 දෙනා මෙ සංචිතයට ඇතුළත්වන සිමාවේ සිටියේනම් ඔවුන් ද ඇතුළත් කර ගන්නට කටයුතු කර ඇති බව රොෂාන් ගුණවර්ධන පවසනවා


රට පුරා දිස්ත්‍රික්ක 24 ක් ආවරණය වන පරිදි මේ පිහිටුවීමත් සමඟ සංචිත 26 ක් ස්ථාපිත කර අවසන්.කොළඹ දිස්ත්‍රික්කයේ අධික ජනගහනය හරහා ක්‍රිඩාවට පිවිසෙන පිරිස වැඩි වන නිසා සංචිත හතරක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.එම සංචිත කොළඹ උතුර,කොළඹ දකුණ,මැද කොළඹ සහ නැගෙනහිර කොළඹ ලෙස බෙදා වෙන් කර තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සමග පවතින සබඳතා  තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරනවා – Shannon Cowlin

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව සඳහා...

අද (13)කාලගුණය – තැනින් තැන වැසි

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : අද (14)දින...

පාස්පෝට් ගන්න අද (13) එන්න එපා – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW: අද (13) දින ...

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...