සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දඩ වශයෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් මේ වසරේ සිදු කළ වැටලීම්වලින් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
එම අධිකාරිය පවසන්නේ, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා ගැනීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අදාළ නඩු පවරා ඇති බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉදිරි දින කිහිපයේ දී එම වැටලීම් අඛණ්ඩ ව සිදු කරන බවයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇