එක්සත් ජනපද අධිකරණ චෝදනා විමර්ශනයට විශේෂ කමිටුවක් -අගමැති නරේන්ද්‍ර මෝදි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාසයේ දී එක්සත් ජනපද භූමියේදී සීක් බෙදුම්වාදී නායකයෙකු ඝාතනය කිරීමට අසාර්ථක උත්සහයක් දැරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ නිලධාරියෙකු වන නිඛිල් ගුප්තාට එරෙහිව කරන ලද චෝදනා විමර්ශනයට ඉහළ මට්ටමේ විමර්ශන කමිටුවක් පිහිටුවන බවට අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ(20)දිනයේදී ෆිනෑන්ෂල් ටයිම්ස්හි සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

යමෙක් අපට කිසියම් තොරතුරක් ලබා දෙන්නේ නම්, අපි අනිවාර්යයෙන්ම ඒ ගැන සොයා බලන බවත්, විදේශයන්හි ක්‍රියාත්මක වන අන්තවාදී කණ්ඩායම් ගැන ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටින බවත අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මේ හා සම්බන්ධ සිදුවීමක් පසුගිය සැප්තැම්බර් මාසයේදී කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ජුනි මාසයේදී ඝාතනයට ලක්වූ සීක් බෙදුම්වාදියෙකු මෙන්ම කැනේඩියානු පුරවැසියෙකු වන හර්දීප් සිං නිජ්ජාර්ගේ ඝාතනයට නව දිල්ලිය සම්බන්ධ බවට චෝදනා කරනු ලැබිය. මෙත් සමඟ කැනඩාව සහ ඉන්දියාව අතර ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික ගැටුමක් ඇති වූ අතර කැනඩාව විසින් කරන ලද චෝදනාවන් ඉන්දියාව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...