මහින්දලා සජිත්ලා රනිල්ලා එක්ක අවුරුදු 76ක් හිටපු ජනතාවට රිලව්ද ප්‍රශ්නෙ මෙයා ? – ඇමති බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ ඇති විවිධ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව ආණ්ඩුවට චෝදනා නොකරන බවත් විපක්ෂය පාර්ලිමේන්තුවේ කෝළම් නටමින් සිටින නමුත් එය අභියෝගයක් නොවන බවත් සභානායක, ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ප්‍රශ්නය – වර්තමාන ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල වෙනවා, අභියෝග තියෙනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද කියන්නෙ ?

“මොනවද තියෙන අභියෝග ? අර පාර්ලිමේන්තුවේ දැන් නටන කෝළම්ද ? රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා, චන්ද්‍රිකාලා හිතනවා ඒගොල්ලො වගේ තමා අපිත් කියලා. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – දැන් මේ ආණ්ඩුව යටතේ පොල් මිල පවා ඉහළ ගියා ?

“පොල් ගහක් හිටවලා පොල් ගන්න කොච්චර කල් යනවාද ? මිනිස්සුන්ට පිස්සු නෑ. මිනිස්සුන්ට අමාරුයි, ඒක ඇත්ත. හැබැයි මිනිස්සුන්ට පිස්සු නෑ”

ප්‍රශ්නය – දැන් රිලවුත් එක පැත්තකින් ආණ්ඩුවේ ඉන්නවා නේද ?

“රිලවුන්ගෙ ප්‍රශ්නෙ තිබෙනවා, කෘෂිකර්මාන්තෙ ප්‍රශ්න තිබෙනවා … හැබැයි මම හිතනවා මෙහෙම එකක්. මහින්දලාත් එක්ක, සජිත්ලාත් එක්ක, රනිල්ලාත් එක්ක අවුරුදු 76ක් ඉන්න පුළුවන් නම් රිලව්ද ප්‍රශ්නෙ මෙයා ? ඒ මිනිස්සුන්ට රිලව් එක්ක තව මාස හය හතක් ඉන්න එක අමාරු නැතිවෙයි”

අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ ඊයේ (දෙසැම්බර් 21) කොළඹදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...