*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

Thank You දිලිත්

නෙත්මි අහිංසා ප්‍රනාන්දු…
ලංකාවේ අංක එකේ ක්‍රීඩා බලාපොරොත්තුව ඇයයි.එහෙම වෙන්නෙ ඇයගේ දක්ෂතාවය වගේම ඇයට අනාගතයේ ක්‍රිඩා කරන්න තිබෙන කාලය සැළකිල්ලට ගන්නා විටයි.ඉතිං ඇය වෙනුවෙන් හිතට නිවනක් සහිත හිසට සෙවණක් දෙන්න මැදිහත්වීම ගැන රටම දිලිත්ට ස්තූතිවන්ත වෙන්න ඕනි.ඒ ස්තූතිය පාදමේ තියාගෙන මේ සටහන ගොඩ නඟන්නෙ එක හේතුවක් දිලිත් ජයවීරමයි.ඔහුට මේ කාරණාවන් තේරුම් ගන්න පුළුවන්නම් ක්‍රීඩිකාවකට සීමා නොවුණු ක්‍රීඩාවට සෙවණක් විය හැකි මාර්ග බොහෝ සේ විවර කර ගත හැකියි.දෙවැන්න වෙන කෙනෙක් හෝ මේ සම්බන්ධයෙන් සිතිය යුතුයි.


ඉන්දියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියෙදි ශ්‍රී ලංකාවට පසුව අහිමි වුණත් රන් පදක්කමක් හිමිවෙනවා.ඒ බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චිට.ඒ මොහොතෙ එහි මාධ්‍ය කුටිය පදක්කම් පොකුරු පිටින් දිනන රටවල මාධ්‍යවේදීන්ට වඩා නොසන්සුන් වෙනවා.ලංකාවෙ හිටපු හැම මාධ්‍යවේදියෙක්ම සීමාවක් නැතුව සතුටට පත් වෙනවා.මේ දිහා බලා හිටපු කෙන්යානු මාධ්‍යවේදිණියක් වන එව්ලින් වට්ටා අහපු කතාවක් තමයි අපිට පදක්කම් විශාල ප්‍රමාණයක් දිනලත් මෙහෙම උද්දාමයට පත් වෙන්නෙ නැහැ.ඇයි ඔබලා මේ එක පදක්කමකට කියන කාරණය.


ඇත්තටම පදක්කම් ගන්න වැඩ පිළිවෙලක් නැති ක්‍රීඩාවට සැළසුමක් නැති රටක පදක්කමක් කියන්නෙ අහම්බයක්.අපව අපවම විශ්මයට පත් කරන සැබෑ වේදැයි හීන දකින බලාපොරොත්තුවක් මල්පල ගැන්වීමක්.මේ අහම්බයෙන් දෙයක් ලැබුණම ඇති වන ප්‍රහර්ශය හරිම ආනන්දනීය එකක්.වින්දනීය පෙළඹවීමක්.අපි වැඩියෙන් උද්දාමයට පත්වෙන්නෙ හිතෙන් පැනලා ඇවිත් ඒවා ශරීර රිද්මයන් වෙන්නෙ ඒ විදිහටයි.


ඒ පාරෙම ආපු නෙත්මිත් ඇත්තටම අහම්බයක්.ඇයට ගොඩ නැඟෙන්න වැඩ පිළිවෙලක් පෞද්ගලිකව තිබුණට ඒක ජාතික නොවන නිසා හැම මිනිහෙක්ම බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි.ඇත්ත ඊට වඩා වෙනස් නැහැ.නෙත්මි මේ අහම්බය පළල් වුණ ඇත්තක් කරන්න කොහොමද ඒ දේවල් ප්‍රසාරණය කර යුත්තේ කියන කාරණය ගැන කියන වීඩියෝ සටහනක් තමයි මෙහි තියෙන්නෙ.
https://www.youtube.com/watch?v=PmHFEQDbZek&t=113s


නෙත්මි වැඩෙන්නෙ පුංචි මඩුවක.ඒකට ක්‍රීඩා පුහුණුවීම් ශාලාවක් කියනවට වැඩිය එහෙම කියන එක සාධාරණයි.එහි ඇය පමණක් නොවෙයි රට නියෝජනය කරන්න සුදුසු තවත් අය ඇයගේ පුහුණුකරු සුරංග යටතෙ වැඩෙනවා.නෙත්මි මේ සියල්ල වෙනුවෙන් ඇය හංගේරියාවෙදි දුටුව දේ එක්ක කියන කතා ඇතුළෙ වෘත්තිය මට්ටමෙන් ක්‍රීඩාව කෙරෙන හංගේරියාවේ හැඩය පවසනවා.


ඒවා සියල්ල නොවුණත් අර මඩුව පොඩි ජාත්‍යන්තර හැඩේකට ගේන්න බැරි ද?උපකරණ ටිකක්.පරණ වීඩ්යෝ බලන්න තිර අනුග්‍රහයක්.ඩේටා අනුග්‍රහයක්.වීඩියෝ කැමරා එකක්.ඒවා බලලා සාකච්ඡාවට ගන්න තිරයක්.මේවත් ගෙයක් තරමටම වටිනවා.
මේ ටික ලියන්නෙ ගෙයක් දුන්නනම් මේවත් බලපං කියන අදහසෙන් නෙමෙයි.මේවට වැඩ සටහනක් හදන්න.ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටම තමන්ගේ දේ සපුරාගන්න හැකි වෘත්තීය පරිසරයකට ඇතුල්වෙන්න පරිසරයක් නිර්මාණය කරන්න දිලිත් ජයවීරට කරන්න පුළුවන් බලපෑම ධනාත්මකයි කියලා දැනෙන නිසා.ඔහු තනිව නොවුණත් සමූහයක් වුවහොත් කළ හැකි දේ බොහොමයි.


අද වෙන කොට සුගතදාස ක්‍රීඩාංගණයෙ පාසල් ළමෙක්ට පැය තුනක කාලයකට මීටර් 200,තරග සදහා ඇඟ උණුසුම් කරන ව්‍යායාම ධාවන පථයට ගෙවපු රුපියල් 25 ක මුදල රුපියල් 100 ක් කරලා.කිසිදු ආකාරයකින් පුරවැසියාගේ ආදායම වැඩි වෙන ක්‍රියාවලියක් සිඳු නොවන සමාජ වපසරියක රුපියල් 15 හෝ ගෙවාගන්න අපහසුවෙන් හිටිය දරු දැරියන්ට මේ කියන්නෙ සල්ලි නැත්නම් තොපිට මොන ඇත්ලටික්ද වගෙ කතාවක් නෙමෙයිද?අන්තිමට නැති බැරි මිනිහට අනිකාව පසු කර යන්න තිබුණ එකම ඉඩත් යම් කිසි පංතියක් අයිති කර ගැනීම තමයි මෙයින් පැහැදිළි වෙන්නෙ.
මීට එරෙහිව දිලිත් ජයවීර වැනි අයට කළ හැක්කේ කුමක්ද?සංවිධානය විය යුත්තේ කුමක් සඳහා ද?සුගතදාස අධිකාරිය මේ හරහා අපේක්ෂිත ආදායම කොපමණද?එය ආයතනයට පියවා පාසල් දරු දැරියන්ට සුගතදාස පිටිය නොමිලේ විවෘත කළ නොහැකිද?


එසේම බොහෝ දුෂ්කරතා සහිත ප්‍රදේශවල සහ පවුල්වල දරුවන්ට ක්‍රීඩා කරන්න ගාය තිබුණට ඉගෙන ගන්නනම් පොඩ්ඩක්වත් බැහැ යන කියමන තැනින් තැන ඇසෙනු ඇත.නමුත් ඇත්ත ඉගෙනගන්න අවශ්‍යය ආර්ථීක ශක්තිය නැතිවීමය.අග හිඟ පිරී තිබීමය.අප අත්දැකීමෙන් දන්නා දේ ඇත.සමහරුන් ධාවන දක්ෂතාවයට හමුදාවට බැදී දුවන අතරේ තමන් අසමත් වූ විභාග සමත් වන්නේ මුදල් වියදම් කර අතිරේක පංතිවලට ගොස් ඔවාට අවශ්‍යය පහසුකම් ලැබෙන වැටුපෙන් සම්පාදනය කර ගනිමින්ය.ඔවුන් වෙනුවෙන් පාසල් මට්ටමෙන් හඳුනාගෙන ධම්මික පෙරේරා ගේ ඩීපී අධ්‍යාපන ක්‍රමය වැනි අධ්‍යාපන වැඩ සටහනක් ඇරඹිය නොහැකිද?
ලංකාව වැනි පරිසරයක ක්‍රීඩා අමාත්‍යංශය,ජාතික ඔලිම්පික් කමිටුව මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශය ද එකතු කර ගෙන එහි ක්‍රීඩාවේ යටිතල පහසුකම් සහ අධ්‍යාපනය දරන ක්‍රිඩාවන් හී නියැලෙන පිරිසට අධ්‍යාපනික අවශ්‍යයතා ඉටු කර දිය හැකි වැඩ පිළිවෙලකට යා හැකි නොවේද? ඕනෑම රටක ක්‍රීඩකයෙකුට සුවදායී නුවරඑළිය වැනි තැනක හැදෙන ක්‍රීඩාංගණයක් රටට වානිජමය වශයෙන් ප්‍රයෝජනවත්ය.එසේම පුහුණුවට වැදගත්ය.රජය මේ ගැන කතා කරන වයසටත් පෙර අප මාධ්‍යයට පය තැබූ මොහොතේ සිට මේ ගැන ආණ්ඩුවලට කියා ඇත.නමුත් දැන්නම් ආණ්ඩුවට උවමනාවක් නැතිකමටත් වඩා පුළුවන්කමක් නැත.
මෙවැනි කාරණා ගැන හිතන්න සහ ක්‍රියා කරන්න දිලිත් ජයවීර පන්නයේ ධනවත් පිරිස් එකතු වන්නේනම් මේ රට විදේශ අවධානයට ලක් කරන්නට හැකි හොඳම මඟක් හැටියට ක්‍රීඩා ආර්ථිකයක් සකස් කිරීමට අපහසු නැත.සෙවීම වැදගත්ය.ක්‍රීඩාව රැකියාවම පමණක් නොවන මනුස්ස සහ ජාතික හැඟීමක් සහිතව ස්පර්ශ කරන විට පියවි ඇසට දකින දේ ට වැඩියෙන් දකින්නට හැකිය.උදාහරණයකට මෙවර ජාතික මැරතන් සූරතාවය දිනූ ආදි වාසී රත්නපාලගේ වික්‍රමය ගත හැකිය.මීට අවුරුදු 12 ට පමණ එපිට මේ ලියුම්කරුට ඔහුව හමුවන්නේ දෙහිඅත්තකණ්ඩිය ජාතික මැරතන් තරගය ආවරණය කරන්නට ගිය අවස්ථාවේදී ය.ආවරණයට බසයක් පුරවා ගිය පිරිස් ආපසු එද්දී මේ ලියුම්කරු අතිශයින් දුශ්කර ගමණක යෙදීනිවසටම ගොස් හමුව මලල ක්‍රීඩාවෙ ඉදිරියට තල්ලු කරගෙන ආ අයෙකි.


සොයන්නට විමසිලිමත් විය යුතුය.ඒ සෙවීම් වර්ගීකරණයට ප්‍රමිතියක් තිබිය යුතුය.එවැනි පුළුල් සංවිධානයක් සකසා ගත හැකිනම් රට ක්‍රීඩාව අඳුරු නැත.එහි දීප්තිය රටටමද ලැබෙනු ඇත.මේ සියල්ල දිලිත්ගේ නිවෙස් ප්‍රදානයෙන් පටන් අරගෙන ඔහුවම පාදක කරගෙන කිව්වේ ඔහුව පාදම කරගෙන පළල් සංවිධානයකට නැඟෙන්නට ඔහුට පාදම විය හැකි බව හැඟුණ නිසාය.නමුත් නිවස ප්‍රදානය යනු රටේම ස්තූතිය හිමි විය යුතු ක්‍රීඩාමය පමණක් නොවන ජාතිකමය වටිනාකමක් ඇති පරිත්‍යාගයකි.එතනින් තවත් හුදෙකලා දක්ෂයන් සොයා නොව දක්ෂයන් පොකුරු පිපිය හැකි වැඩකට යා හැකිනම් සහ එයට දිලිත්ට දායක වෙන්නට නායක වෙන්නට හැකිනම් එය වඩාත් පළල් ජාතික පරිත්‍යාගයක් වනු ඇත.
යළිත් කියන්නට ඇත්තේ නෙත්මිට දුන් නිවසට, Thank You දිලිත් යනුවෙන් ය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan