ආයෝජන මණ්ඩලයේ නව සභාපති දිනේෂ්

Date:

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

ආයෝජන මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා යන මහත්ම මහත්මීන් ය.

කමර්ෂල් බැංකුවේ සහ හැටන් නැෂනල් බැංකුවේ හිටපු සභාපතිවරයකු වන දිනේෂ් වීරක්කොඩි මහතා තවත් ප්‍රමුඛ පෙළේ පෞද්ගලික ආයතන කිහිපයකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් ද කටයුතු කරමින් මූල්‍ය සහ ව්‍යාපාරික ක්ෂේත්‍රවල පෘථුල අත්දැකීම් ලද අයෙකි. මීට පෙර ඒ මහතා භාණ්ඩාගාර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා වශයෙන් ද කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...