පෙට්ටි ගෙවල් වෙනුවට තට්ටු ගෙවල් දෙන ආණ්ඩුව

Date:

කොළඹ නගරයේ අඩු ආදායම්ලාභි පවුල් බහුතරයකින් සමන්විත වී ඇත. කොළඹ කුරුඳුවත්ත, බාන්ස් පෙදෙස, රොස්මිඩ් පෙදෙස, වෝඩ් පෙදෙස, ග්‍රෙගරි මාවත, කොල්ලුපිටිය, බොරැල්ල, වැල්ලවත්ත, බම්බලපිටිය ආදි කොටගත් ප්‍රදේශවල ධනවතුන් සිටියත් ජන සංඛ්‍යාව අනුව ගත්කල කොටහේන, දෙමටගොඩ, බ්ලුමැන්ඩල්,මට්ටක්කුලිය, වනාත මුල්ල,කොස්ගස් හන්දිය ආදි කොටගත් ප්‍රදේශවල වතු සංස්කෘතියකට හිමිකම් කියූ දිළිඳු ජනයා බහුතරයක් වූහ. අනවසර ඉදිකිරීම් කිසිදු සනීපාරක්ෂක සේවාවක් නොතිබුන ජනතාවක් මෙම වතුවල වාසය කළේය. පැල්පත් මුඩුක්කු ආදී වශයෙන් ගත් මෙම අනවසර ඉදිකිරීම්වල ජීවත් වූ ජනී ජනයා එදිනෙදා සිය ජීවිකාව කර ගෙන ජීවත් වූ පිරිසකි. පොදු වැසිකිළියක්, පොදු කරාමයක් හිමි වී තිබූ මෙම අසරණ ජනතාවට අලුත් සංස්කෘතියක්, අලුත් සදාචාරයක් ඇති කිරීමට පුළුවන් වූයේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ සමයේ සිටය. විශේෂයෙන් පාතාලය රජ කරමින් කුඩු ජාවාරම එකම ජීවන වෘත්තිය කරගත් පිරිසක් මේ වතුවල ජීවත්විය.

බ්ලුමැන්ඩල් කුණු කන්ද ආශ්‍රිතව මේ පිරිස ජීවත්වූහ. එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ කොළඹ මුඩුක්කු ජන ජීවිතයට තිත තැබීමට පියවර ගත්තේය. සියලුම අනවසර ඉදිකිරීම්වල ජීවත් වූ ජනතාවට අලුත් නිවසක සුව පහසුව විඳීමේ වාසනාව එතුමා උදාකර දුන්නේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය මතිනි. ඔවුන්ගේ ජන ජීවිතය ක්‍රම ක්‍රමයෙන් වෙනස් විය. එදා මුඩුක්කු ජීවිතයෙන් අද මහල් නිවාසයක සියලු පහසුකම්වලින් පරිපූර්ණ ජීවිතයක් ලබා දීමට එතුමා පියවර ගත්තේය. එදා පොදු වැසිකිළිය අද නැත. ඒ වෙනුවට ඉතා හොඳ සනීපාරක්ෂක වැසිකිළියක් සැම නිවසකටම හිමි වී ඇත. එදා තිබූ පොදු කරාමය වෙනුවට අද නාන කාමරයක් සමඟ උයා පිහා ගැනීමට හොඳ මුළුතැන්ගෙයක් හිමි වීම ජන දිවිය අලුත් කිරීමට හේතු විය. අපිරිසුදුකම,අපිළිවෙළ වෙනුවට ක්‍රමවත් විධිමත් ක්‍රියා පිළිවෙළකට ජීවිතය සකස් කර ගැනීමට මාර්ගය සාදා දුන් බව සිහිපත් කළ යුතුව ඇත. 

මේ වනවිට කොළඹ නගරයේ වතු සංස්කෘතිය වෙනුවට අලුත් සංස්කෘතියක් බිහි වී ඇත. උතුරු කොළඹ,මාදම්පිටිය කොට්ඨාසයේ සංඝබෝධි විදුහලට යාබදව අක්කර 02 ඉඩම අඩු ආදායම්ලාභී දිළිඳු ජනයාට නිවාස ඒකක 700ක මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ කටයුතු ආරම්භ කළහ. 

නාරාහේන්පිට පොල්හේන්ගොඩ කාලිංග මාවතේ ඉදිකෙරුණු නිවාස 528 කින් යුත් මහල් නිවාස යෝජනා ක්‍රමය කොළොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණය පසුගියදා විවෘත වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතිනි. නිවාස 528 කින් යුත් මේ නිවාස ව්‍යාපෘතිය සඳහා මිලියන 1,900ක (බදු රහිත) මුදලක් වැයකොට ඇත. මේ නිවාස සංකීර්ණයේ නිවාස 144ක් කොළඹ සරසවියේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනයට පරිත්‍යාග‍ කර ඇත. නිවාස 192කින් යුත් එක් ගොඩනැඟිල්ලක් මේ නිවාස සංකීර්ණයට ඉඩම ලබා දුන් කාලිංග මාවතේ සිටි පවුල්වලට සහන ගෙවීමේ පදනම යටතේ ලබා දී ඇත. ඒ සඳහා කිසිදු පොලියක් අය නොකිරීම එහි ඇති විශේෂත්වයයි.

ඉතිරි නිවාස 192ක් සහිත මහල් ගොඩනැඟිල්ල කැලණිවැලි දුම්රිය මාර්ගය පුළුල් කිරීමේදී ඉවත් කළ අනවසර පදිංචිකරුවන්ට නොමිලේ ලබා දී ඇත. කොවිඩ් අභියෝග සියල්ල මැද කොළඹ දිළිඳු ජනයා වෙනුවෙන් නිවාසයක සිහිනය මල්පල ගැන් වූ වර්තමාන රජයට ජනතාවගේ ආචාරය මේ මොහොතේ හිමි විය යුතුය.

#ඇත්ත Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...