බස් ගාස්තු ඉහළට – ඇමතිගේ අනුමැතිය හිමිවෙයි

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ දැමීම සඳහා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා එකඟ වූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඇමතිවරයා සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවේදී මෙසේ බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව නව බස් ගාස්තු ලබන බදාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර බස් ගාස්තු සංශෝධනය කළයුතු ප්‍රමාණය පිළිබඳව තීරණය කරන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජාතික ගමනාගමන කොමිසම වෙත දැනුම් දී තිබේ.

කෙසේ නමුත් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය සහ දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී නොමැත. සාකච්ඡාව සඳහා ආරාධනා නොලැබූ බවයි එම සංගම් පවසන්නේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසන්නේ බස් ගාස්තු වැඩිවීමක් සඳහා තම සංගමය එකඟ නොවන බවයි. ඉන්ධන මිල විටින් විට සංශෝධනය වන බැවින් වඩාත් සුදුසු විසඳුම වන්නේ ඉන්ධන සහනාධාරයක් ලබාදීම බවද අංජන ප්‍රියංජිත් මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න….

මහේෂ් හපුගොඩ අපි එක අවස්ථාවක සජිත් අරගලයෙන් පලවා හරිනවා. එහෙම...

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...