පෙට්‍රෝලියම් බරත් ජනතාවට වැටුණේ දේශපාලන අප්පුහාමිලා නිසා – අසේල සම්පත්

0
70

මෙතෙක් කාලයක් ඛනිජ තෙල් සංස්ථාව පාලනය කළ දේශපාලන අප්පුහාමිලාගේ අදූරදර්ශී පාලනය හේතුවෙන් එය බංකොලොත් වී ඒ බරත් ජනතාව මතම වැටී ඇති බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.

බවුසරයේ රෝද කැරකෙන නට් එකක් ගානට එහි සේවකයින් සිටින හෙයින් ඔවුන්ගේ වැටුප් අතිකාල දීමනා සඳහා විශාල මුදලක් යන අතරතුර ආයතනය බංකොලොත් බව පවසමින් සිටින බවයි ඔහු සඳහන් කරන්නේ.

එහෙත් රටේ ජනතාව ඉන්ධන ලබාගත්තේ ණයට නොවන බවද ඔහු පවසයි.

එවැනි තත්ත්වයකත් ආයතනය බංකොලොත් වන්නේ එදා සිට එය පාලනය කළ දේශපාලන අප්පුහාමිලාගේ ක්‍රියාවන් නිසා බව අසේල සම්පත් මහතා අවධාරණය කර සිටියි.

පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැලැක්විය නොහැකි බවත් තවදුරටත් පාලන මිලක් පවත්වාගෙන යාමට නොහැකි නිසාත් ආපනශාලා තුළද පාලන මිල ඉවත්කර ගන්නා බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

ASK 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here