*
Friday, April 26, 2024
spot_img

Latest Posts

GMOA කියන්නේ හොර නඩයක් – වැඩවර්ජනයට එරෙහිව උසාවි යන්නැයි වෛද්‍යවරු ජනතාවගෙන් ඉල්ලයි (VIDEO)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වැඩ වර්ජන සිදුකිරීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති අතර එමඟින් ජනතාවට සෞඛ්‍ය සේවය ලබා ගැනීමට ඇති වන බාධා හේතුවෙන් ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

තමන්ද වසර 23ක් මෙම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකුව සිටින අතර 2021-2022 එහි නිලවරණයට ප්‍රධාන ලේකම් තනතුර සඳහා ඉදිරිපත් වූවෙකු ලෙස මෙලෙස අදහස් දක්වන බවයි අතපත්තු මහතා කියා සිටියේ.

මොරටුව දිසා  අධිකරණය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට නැවත නාමයෝජනා කැඳවා එය පවත්වන තෙක් එහි නිලතල භාවිතා කිරීම අත්හිටුවා ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව තවදුරටත් එහි සභාපති ලෙස කටයුතු කරන අනුරුද්ධ පාදෙණිය මහතාගේ නමටම එම තහනම් නියෝගය පවතින නමුත් ඔහු මෙන්ම එහි තවත් නිලධාරීන් කිහිප දෙනෙකු අධිකරණයටද අපහාස කරමින් සිටින බව අතපත්තු මහතා කියාසිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතිවිරෝධී ලෙස වැඩවර්ජනය කරමින් අත්තනෝමතික  ගරිල්ලා වැඩක  යෙදී සිටින බවටයි ඔහු චෝදනා කළේ.

එහෙයින් එම ගරිල්ලා කණ්ඩායම වෙනුවට අතුරු කමිටුවක් පත්කරගැනීමට කටයුතු කරන ලෙස එහි සාමාජිකත්වයෙන් ඉල්ලා සිටින බවද අතපත්තු මහතා සඳහන් කරන ලදී.

”ඔවුන්ට අවශ්‍ය වෙන්නේ වෛද්‍යවරුන්ගේ සුභසාධනය නෙවෙයි. පහුගිය කාලේ පොහොර ගැන කතා කරලා විනාශයක් කළා. කිරිපිටි ගැන, අධ්‍යාපනය ගැන කතා කළා. නමුත් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න ඔවුන්ට පෙනෙන්නේ නැහැ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප දෙනෙකුට ඕනේ මේක දේශපාලන අරමුණු වෙනුවෙන් ගෙනියන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඔවුන්ගේ නිලධාරීන් හතර  පස් දෙනෙක් ලිපිකරුවොත් එක්ක දාගෙන වෙන වැඩකට ලෑස්ති වුණේ. හරියට ඔවුන් තමා  හැමදේම කරන්නේ,ඒ නිසා වෛද්‍යවරු එන්න ඕනේ ඔවුන්ගේ පස්සේ කියන එක පෙන්වන්න. නමුත් ඔවුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ එහෙම ඉන්න ලැබුණේ නැහැ. ඒ නැති වුණ දේ තමයි නැවත ඔය වෙන විදිහකට ගන්න හදන්නේ.පත්වීම් වලට අත්සන් කරන්න හරි මාරු මණ්ඩලවලට අත්සන් කරන්න රයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බලයක්  නැහැ. ඔවුන් ඉන්නේ නිරීක්ෂණ මට්ටමේ.වෘත්තීය සමිතියක්.ස්ථාන මාරු වීම වුණත් අවුරුදු හතරෙන් හතරට හරියට වෙන්න ඕනේ. ඔවුන්ගේ අය ඇර අනිත් ඔක්කොම ස්ථාන මාරු වෙන්න ඕනේ. මේක මහා අසාධාරණයක්.”

එමෙන්ම මෙතක් කල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිලවරණයෙන් ජයග්‍රහණය කළේ මැරුණු අයගේ,විශ්‍රාම ගිය අයගේ,විදෙස් ගත වුණ අයගේ නම් වලින් පවා හොරට තැපැල් ජන්ද දැමීමෙන් වන අතර  මෙවර තමන් විසින් එය වැලැක් වූ බවයි අතපත්තු මහතා කියාසිටියේ.

”වර්ජනයට  යොදා ගෙන තිබෙන සියලු ඉල්ලීම් අසාධාරණයි. යල්පැන ගිය පුස් සංගමයක් ඕක දැන්. අපි ඒකයි කියන්නේ මේ සංගමයේ ගරුත්වය, වෘත්තීය ගරුත්වය නැති කරගන්නේ නැතිව මේ සංගමය අභිමානයෙන් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අතුරු කමිටුවක් පත්කරන්න කියන්නේ.ඔය සංගමයේ නායකයෝ මාධ්‍ය ඉදිරියට විතරයි වීරයෝ. ප්‍රභාකරන්ට වඩා  ගරිල්ලා කණ්ඩායමක් ඔය.” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan