මියන්මාරයේ ජේඩ් පතලක නාය යාමක්

Date:

මියන්මාරයේ ජේඩ් පතලක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 100ක් පමණ අතුරුදන්ව ඇත.

ගලවා ගැනීමේ කණ්ඩායම් මේ වන විට අදාල ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර ඇති අතර, ඊට ගොදුරු වූවන් නීතිවිරෝධී පතල්කරුවන් බවට විශ්වාස කෙරේ.

එක් අයෙකු මියගොස් ඇති බවට තහවුරු වී තිබේ.

එළඹුනු බදාදා  දින උතුරු Kachin ප්‍රාන්තයේ Hpakant ප්‍රදේශයේ මෙම නායයාම සිදු විය. මියන්මාරයේ ලොව විශාලතම ජේඩ් ප්‍රභවයක් පවතින නමුත්  එහි පතල් කර්මාන්තය බොහෝ අනතුරු දායක මට්ටමක පවති.

විවෘතව කණින ලද  පතලින් ඉවතට ලොරිවලින් පස් ඉවත් කරන අතර, ඉවුරු කඩා වැටීම නිසා මෙම නාය යෑම සිදුවන්නට ඇතැයි සැලකේ.

Hpakant ප්‍රදේශයේහි ජේඩ් පතල් කැණීම තහනම් කර ඇති නමුත් ප්‍රදේශවාසීන් ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මිදීම සඳහා මෙම අනතුරුදායක කර්මාන්තයෙන් යැපේ.

මීට දින කිහිපයකට පෙර, Hpakant හි තවත් ජේඩ් පතළක  සිදුවූ  නායයාමකින්  නුපුහුණු පතල් කම්කරුවන් 10 දෙනෙකු අතුරුදහන් විය.

2020 දී, 160 කට වැඩි පිරිසක්  Hpakant හි ඇති වූ දරුණුතම පතල් අනතුරකින් මිය ගියහ .

එරට නව  කැණීමේ නීතියක් 2018 දී සම්මත කරන ලද නමුත් එය නීති විරෝධී ක්‍රියාවන් නැවැත්වීමට ප්‍රමාණවත් නොවේ.

මියන්මාරයේ ජේඩ් වෙළඳාම වසරකට ඩොලර් බිලියන 30 (පවුම් බිලියන 24) ඉක්මවන බව වාර්තා වන අතර, Hpakant යනු ලොව විශාලතම ජේඩ් පතල ඇති ස්ථානය ලෙස විදෙස් ආයෝජකයින් අතර ප්‍රකටය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මියන්මාරයේ අවසන් මැතිවරණ වටය පැවැත්වේ: හමුදා සහාය ලබන පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි ඉඟියක්.

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ පවතින...

ජනාධිපතිතුමාගේ හිත සනසන්නද පොලිස්පතිවරයා ඉන්නෙ? නාමල් ප්‍රශ්න කරයි.

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : රටේ සංස්කෘතිය ආගමට...

Minneapolis හි තවත් ඇමරිකානු පුරවැසියෙකු වෙඩි තබා ඝාතනය කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ මිනියාපොලිස් නගරයේදී ෆෙඩරල් ඒජන්තවරුන් විසින්...