Monday, December 11, 2023
spot_img

Latest Posts

නීතිවිරෝධී වත්කම් ගැන සැකයි නං අපිට දැනුම් දෙන්න – පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක් !

නීතිවිරෝධී ලෙස වත්කම් උපයාගෙන ඇති බවට හෝ අසාමාන්‍ය වත්කම් උපයාගෙන ඇති බවට සාධාරණ සැක සහිත තොරතුරු ඇත්නම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අදාල තොරතුරු ලබාදීම සඳහා 1917 කෙටි දුරකතන අංකයද හඳුන්වා දී තිබේ.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ දවසේ පැය 24 පුරාම මෙම දුරකතන අංකය හරහා තොරතුරු ලබාදිය හැකි බවයි.

විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් නීතිවිරෝධී වත්කම් උපයා ගනිමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා මහජනතාවගේ සහාය බලාපොරොත්තු වන බවත් පොලිස් මූලස්ථානය පවසනවා.

මෙම විමර්ශන කටයුතු සඳහා නීතිවිරෝධී වත්කම් හා දේපල විමර්ශන කොට්ඨාසය නමින් විමර්ශන ඒකකයක්ද අලුතින් ස්ථාපිත කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ එම ඒකකය ක්‍රියාත්මක වේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.